තරුණයින් 2ක් ගිලී මරුට Video

ගාල්ල ගිංතොට ගිංගගේ මෝයකට ප්‍රදේෂයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මරුමුවට පත්ව තිබෙනවා.

අද (06) පෙරවරු 10.30ට පමන තරුණයින් 4 දෙනකු ගිංගගේ දිය නෑමට ගොස් ඇති අතර දහවල් 1 පමන වන තෙක් දියේ සෙල්ලම් කරමින් සිටී තරණයින් 4දෙනාගෙන් 3 දෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇත.

පසුව එක් තරුණයකු ඡලය සමග පොරබදා දිවි ගලවා ගත් අතර අනිත් තරුණයින් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව ඇත. මේ බව දැනගත් ප්‍රදේශවාසීන් හා ගාල්ල නාවික හමුදා නිලධාරීන් එක්ව අද පස්වරුවේ අතුරුදන් දෙදනා සොයා මෙහෙයුමක් දියත් කරා.

ඒ අතරතුර පස්වරු 3.30 පමන එක් තරුණයකු සොයාගත් අතර ඔහු වහා කරාපිටිය රෝහලට රැගෙන ගිය නමුත්, ඔහු රැගෙන යනවිටත් මියගොස් ඇතිබව කරාපිටිය රෝහල් ප්‍ර‍කාෂකයකු සදහන් කළා.

ඉන් පැය බාගයකට පසුව අතුරුදන් අනිත් තරුණයා සොයා ගත් අතර ඔහුද වහා කරාපිටිය රෝහලට රැගෙන ගියා. ඔහුද රැගෙන යන විට මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්ගේ රත්ගම ඕවකන්ද පදිංදි සදුන් විඡේසිංහ නම් 18 හැවිරිදි රත්ගම දේවපතිරාඡ විද්‍යාලයේ උසස්පෙළ හදාරන සිසුවෙක් සහ රත්ගම ඕවකන්ද පදිංච ෂෙහාන් සුරවීර නම් 28 හැවිරිදි විවාහක පරිගණක ඉංජිනේරුවරයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය පරීක්ෂන පවත්වයි.