පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ උපන්දිනය නිමිත්තෙන් ඊයේ (02) රාත්‍රියේ පුංචි සාදයක් පවත්වා තිබෙනවා.එම සාදය අතරතුර ටෙලි නිළියක වන සචිනි අයෙන්ද්‍රා විසින් ෆෙස්බුක් ලයිව් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
ඒ අතර තුර හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාට කේක් කෑල්ලක් කවමින් ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ ඇය කතා පවත්වන විට ඇතැමුන් ඇය ගීතා කුමාරතුංග යැයි ආමන්ත්‍රණය කරන බවයි.



