නව මහ බැංකු අධිපති ජනපති හමුවෙයි

නව මහ බැංකු අධිපති ලෙස ජනපති නියමයෙන් පත් වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (2) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හමුවී ඇත.

ජනාධිපති නිල නිවසේදී මෙම හමුව සිදු වී ඇති අතර එහිදී ජනාධිපතිතුමන් හා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සුහද පිළිසඳරක නිරත වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

අනෝමා ජනාදරීගෙන් දුවට උපදෙසක් !

අනෝමා ජනාදරීගේ දියණියගේ උපන් දිනය ඊයේට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් දියණිය තමන් ළග නැති වුණත් මේ විදිහට ඇයට උපන් දිනයට සුබපතලා තිබුණා.  

මහින්දගේ මන්ත්‍රීන් 8ක් ආණ්ඩුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අට දෙනෙක් ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

 බැසිල් රාජපක්ෂගේ දේශපාලන ආගමනයට එරෙහිව මෙම පිරිස ආණ්ඩුවට එකතු වීමට එකඟතාව පළ කර තිබෙන බව දැනගන්නට ඇත. 

ප‍්‍රවීණයෙක් පේ‍්‍රමයෙන් මුළා වෙලා ලූ

ලංකාවේ ප‍්‍රසිද්ධ ඒ වගේම ප‍්‍රවීණ, මැදිවියත් පහුකරලා ඉන්න වයෝවෘද්ධ ලූක් එකක් තියෙන, ලොකු ලොකු දරුමල්ලො ඉන්න ගායකයෙක් ඔන්න බොලේ ආයෙත් සම්බන්ධයක් පටන් අරගෙනලූ.

හැබැයි ඒ සම්බන්දෙ නියම් ද? අනියම් ද? කියලා නම් කියන්න අපි දන්නෑ. ඒත් ඉතින් ඔය කියන ප‍්‍රවීණයා නියම් අනියම් හරි සම්බන්දෙ පවත්වාගෙන යනවා කියන්නෙ ගාල්ල පැත්තෙ ඉන්න එච්චර වයස නැති බැංකු සේවිකාවක් එක්කලූ. ඔය කියන සම්බන්දෙ එසේ මෙසේ එකකුත් නෙමෙයිලූ.

නිපුණිකාගෙ කසාදෙත් ළඟයිලූ

Nipunika Hewagamage
අවුරුදු දෙකක් විතර රංගනයෙන් ඈත් වෙලා හිටපු නිපුණිකා ඔන්න ආයෙත් රඟපාන්න පටන් අරන්.

නිපුණිකා පහුගිය කාලෙ රංගනයෙන් ඈත් වෙලා හිටියෙ එයාට හම්බවුණ ගිනි ගින්දරවගේ රස්සාවක් නිසානේ. හැබැයි ඉතින් එයාට දැන් නම් රස්සාව කරලා ඇති වෙලා. ඒ නිසා තමයි කලාව පැත්තට ආයෙ ඔළුව දාන්න හිතිලා තියෙන්නෙ.

ඕං.. ඔහොම කතන්දර ටික ගැලපීගෙන යනකොට නිපුණිකාගෙ සිකුරත් නළලේ උච්ච තැනටම ගැලපිලාලූනේ. ඒ කියන්නෙ නිපුණිකා දැන් පෙම්වතියක්. එයා ගොඩක් ආදරය කරන කෙනෙක් ඉන්නවලූ.