නිපුණිකාගෙ කසාදෙත් ළඟයිලූ

Nipunika Hewagamage
අවුරුදු දෙකක් විතර රංගනයෙන් ඈත් වෙලා හිටපු නිපුණිකා ඔන්න ආයෙත් රඟපාන්න පටන් අරන්.

නිපුණිකා පහුගිය කාලෙ රංගනයෙන් ඈත් වෙලා හිටියෙ එයාට හම්බවුණ ගිනි ගින්දරවගේ රස්සාවක් නිසානේ. හැබැයි ඉතින් එයාට දැන් නම් රස්සාව කරලා ඇති වෙලා. ඒ නිසා තමයි කලාව පැත්තට ආයෙ ඔළුව දාන්න හිතිලා තියෙන්නෙ.

ඕං.. ඔහොම කතන්දර ටික ගැලපීගෙන යනකොට නිපුණිකාගෙ සිකුරත් නළලේ උච්ච තැනටම ගැලපිලාලූනේ. ඒ කියන්නෙ නිපුණිකා දැන් පෙම්වතියක්. එයා ගොඩක් ආදරය කරන කෙනෙක් ඉන්නවලූ.

නම නම් දැන්ම කියන්න බෑලූ. හැබැයි ඉතින් ඔය කොහොම කිව්වත් අපිට නම් කියන්න තියෙන්නෙ එකයි. ඒ තමයි නිපුණිකාගෙ කසාදෙත් (ඉස්සරට වැඩිය) ළඟයි. ඉතින් දැන්ම ඉඳන් ටික ටික ලැහැස්ති වුණොත් හොඳයි.