නව මහ බැංකු අධිපති ලෙස ජනපති නියමයෙන් පත් වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (2) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හමුවී ඇත.
ජනාධිපති නිල නිවසේදී මෙම හමුව සිදු වී ඇති අතර එහිදී ජනාධිපතිතුමන් හා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සුහද පිළිසඳරක නිරත වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.




