එළුවන් 47 ක් මරුට - 09 කට තුවාල

මඩකලපුව, කොක්කොඩිචෝලෙයි සිල්ලිකොඩියාරු ගම්මානයේ එළු කොටුවට ගිනි ගැනීමෙන් එහි සිටි එළුවන් 47 ක් මරණයට පත්ව ඇත.වාර්තාකරු පැවසුවේ ඉන් තවත් එළුවන් 09 ක් තුවාල ලබා ඇති බවයි.

එළුවන් කොටුවේ දමා එම කොටුව අසල මදුරුවන්, මැස්සන් හා ශීතලෙන් එළුවන් ආරක්ෂා කිරීම සඳහා ගිනි තබනු ලබයි.

එම ගින්න එළු කොටුවට වැදුනු බවට හිමිකරුවන් පවසයි.

ගම්මන්පිලට ඇප

Udaya Gammanpila released on bailව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සාදා ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයත් කොටස් විකුණූ බව කියන සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ ඇප මත නිදහස් කර තිබේ.

ඒ කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගකට අනුවයි.

සැකකරුවන් වන උදය ගම්මන්පිල රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරිනු ලැබීය.

මහ බැංකුව අර්බුදයක !

ඊයේ මැදියම් රැයේ සිට අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය අවසන් වූ බැවින් අද දිනය වාර්තා වන්නේ මහ බැංකු ඉතිහාසයේ මහ බැංකු අධිපතිවරයෙක් නැතිව ගතවන පළමු දිනය ලෙසයි.

මහ බැංකු අධිපති නැති තත්වයක් යටතේ මුදල් මණ්ඩලයට ඔහුගේ කටයුතු පැවරෙන අතර අධිපතිවරයා නැතිව බොහො කටයුතු කරගත නොහැකිව මහබංකු කටයුතු අඩපන වන බව මුල්‍ය විශ්ලේෂකයෝ කියා සිටිති.

මහෙන්ද්‍රන්ගෙන් යටිකූට්ටු වැඩක්

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සකස් කර කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාව ව්‍යාජ වාර්තාවක් බවට හැඟවීම සඳහා එම වංචාව සම්බන්ධයෙන් සෘජුවම චෝදනා ලබා සිටින මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

විගණකාධිපතිවරයාගේ එම වාර්තාව අනියම් ආකාරයකින් තමා වෙත ගෙන්වාගෙන ඇති මහේන්ද්‍රන් මහතා එම තොරතුරු ලබා දුන් නිලධාරීන්ව එකිනෙකා හමුවෙමින් ඔවුන් බිය ගන්වමින් සිටින බවත් වගණකාධිපති වාර්තාවේ කරුණු අසත්‍ය කරුණු බවට දිවුරුම් පෙත්සම්වලට අත්සන් ගනිමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

තෙවරප්පෙරුමට අසාධ්‍යයි

මීගස්තැන්න පාසලට ළමුන් 10 දෙනෙකු ඇතුළත් කර නොගැනීමට විරෝධය දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා ගෙල වැළලාගෙන සියදිවි නසා ගැනීමට ඊයේ උත්සාහ කරනු ලැබීය.

සිද්ධියෙන් පසුව ඔහු රොගී නාගොඩ රෝහලට ඇතුළත් කර අතර පසුව තත්ත්වය බරපතල වීම නිසා කොළඹ නවලෝක රෝහලට ගෙන එනු ලැබීය.

නියෝජ්‍ය අමාත්‍යවරයාට හදිසි හෘද්‍යාබාධයක් ඇතිවූ බවත් නවලෝක රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු දැඩි සත්තාර ඒකකයට ඇතුළත් කළ බවත් වාර්තාවෙයි. ඔහුගේ තත්තවය තරමක් බරපතල බවද කියැවෙයි.