නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට කටුකුරුන්ද වෙඩි පුහුණු පාසලේදී වෙඩි පුහුණුව ලබාගැනීමට අවස්ථාව සැලසී ඇති බව ඒ මහතා පවසයි. පසුගිය දිනක ඒ මහතා පදිංචිව සිටින මාදිවෙල මන්ත්‍රීනිල නිවාස ආසන්නයේ සිට වෙඩි පුහුණුව ලබමින් සිටි අතර ඒ පිළිබඳව මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දුන් පසු එහි වෙඩි පුහුණුව නවත්වන ලෙසට අවවාද කරනු ලැබිණි.
ඉන්පසු ඒ මහතාට කටුකුරුන්ද වෙඩි පුහුණු පාසලේදී එසේ පුහුණුව ලබාගැනීමට ඉඩ සලසා දුන් බව රන්ජන් රාමනායක මහතා කියයි.




