ලංකාවේ අන්තර්ජාල තාරකාවක් ලෙස පුකට නමක් දිනා සිටින පියුමි හංසමාලි ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ අනිල් කුමාර්ගේ ‘ලක්නව්‘ නමැති ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන තිබේ. එහි ප්‍රධාන නළුවා ලෙස ලංකාවෙන්ම ජැක්සන් ඇන්තනිව තෝරාගෙන තිබෙන අතර මේ සම්බන්ධ මුහුරත් උළෙලට සහභාගී වීම සඳහා ජැක්සන් හා පියුමි පසුගියදා ඉන්දියාවේ සංචාරයකද නිරත විය.මෙම චිත්‍රපටය ඉදිරියේදී නිර්මාණය කරන්නට නියමිත එකකි.
නිමල් ලන්සා ඇමති ධුරයෙන් ඉවත් වෙයි
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු පසුගිය මහ මැතිවරණයේදී සන්ධානය යටතේ තරග කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර පසුව ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරමින් ආණ්ඩුවට එක්විය.
දිවයිනපුරා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 45000ක්
දිවයිනපුරා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 45,000ක් සිටින බවත් ඔවුන් දිනකට පිරිමින් ලක්ෂ තුනකට පමණ සේවය සපයන බවත් කුරුණෑගල රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්.ඒ.සී.ඩබ් හතුරුසිංහ මහතා අනාවරණය කළේය. ඒ මහතා ඒ තොරතුරු අනාවරණය කළේ, ජාත්‍යන්තර ඒඩ්ස් දිනයට සමගාමීව කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැති දේශනයකදීය.
සියයට 75 ක්ම සිංහල කාන්තාවන් වඳභාවයට පත්වෙලා !
ගතවූ වසර 10 ක කාලය තුළ මෙරට සිංහල සහ ද්‍රවිඩ කාන්තාවන්a එල්. ආර්. ටී. සැත්කම මගින් ලක්ෂ 9 කට අධික පිරිසක් වඳභාවයට පත්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමිපාණෝ "දිවයින" ට ඊයේ (17 වැනිදා) පැවසූහ.
මේවා සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්විය හැකි බවද උන්වහන්සේ කියා සිටියහ.
දෙසැම්බර් මස 20 සිකුරු මාරුව ඔබේ ලග්නයට
2017 දෙසැම්බර් මස 20 වැනි බුධ දින සවස 6.32ට ග්‍රහ මණ්ඩලයේ සිකුරු තමාට සම රාශි භවනක් වූ ධනු රාශියට පිවිසේ. සිකුරු කේතුට අයත් මුල නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් වූ පුවසල නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රසල නැකතේ ප්‍රථම පාදයෙන් ද ගමන් කරමින් 2018 ජනවාරි 13 වැනි ශනි දින දක්වාම ගුරුට අයත් ධනු රාශියෙහි ගමන් කරනු ඇත.
ස්වේච්ඡා බලසේනාවේ කලා ශිල්පීන් හිටියා
ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දක සහ රංගන ශිල්පී අර්ජුන කමලනාත් යන දෙදෙනා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සැරයන්වරුන් ලෙස 2009 වසරේ සිට බඳවාගෙන වැටුප් ලබාදී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.
රණවිරුවන් දිරිගැන්වීම් සහ විනෝදාස්වාදය සඳහා වන ව්‍යාපෘති සැලසුම්කිරීම සඳහා ඔවුන්ව මෙසේ බඳවාගෙන ඇති අතර 2015 ජනවාරි 1 වැනිදා සිට ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබෙන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන සංවෘත්ත සේවා බවට පත් කෙරේ
දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන යන සේවාවන් සංවෘත්ත සේවාවන් බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න බදාදා (දෙසැ 13) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසුවේය.මෙමගින් ඉහත කී සේවාවන් වෙන වෙනම පවත්වාගෙන යාමටත් ඒවායේ වැටුප් තීරණ එකිනෙකට බලනොපාන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
උමාලි සාරංගගේ ෆොටෝ එකක් එක්ක ප්‍රේමය ගැන කතා කරයි
උමාලි තිලකරත්න සහ සාරංග දිසාසේකර කියන්නේ ජනප්‍රිය කලා තරු යුගලයක්. මොවුන් දෙදෙනාගේ විවාහය කලකට ඉහතදී ආන්දෝලනාත්මක ලෙස දෙදරා ගිය බව හැමෝම දන්නවා. උමාලිගේ සහ සාරංගගේ විවාහය ගැන නැවත සමාජ ජාලා මාධ්‍ය තුල කතාබහක් ඇති වෙමින් පවතිනවා. ඒ උමාලි තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කරපු සටහනක් නිසා. සාරංග සහ ඇය සිටින ඡායාරූපයක් සමග ඇය මෙම සටහන පල කර තිබෙනවා.
මිනිසෙකු නැවත සඳට යවන්න - ට්‍රම්ප් NASA ආයතනයට කියයි
සඳ මතට නැවතත් මිනිසකු යැවීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් NASA ආයතනයට දන්වා තිබේ.අඟහරු ග්‍රහයා වෙත මිනිසකු යැවීම සඳහා මූලික අඩිතාලම දමන අරමුණ ඇතිව මෙම කටයුත්තට එළඹිය යුතු යයි ධවල මන්දිරය සඳහන් කර ඇත.මේ බව නිවේදනය කරන ලද්දේ ධවල මන්දිර ප්‍රකාශක හෝගන් ගිඩ්ලි විසිනි.
මිනිසකු පළමු වරට සඳ මත ගොඩ බැස්සේ 1969 ජූලි මාසයේදිය. ඒ නීල් ආම්ස්ට්‍රෝං ය. ඔහුට පසු එඩ්වින් ඕල්ඩ්රිං ද සඳ මත ගොඩ බැස්සේය. ඔවුන් ගමන් ගත්තේ ඇපලෝ 11 මෙහෙයුම යටතේයි.
ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි විවාහ වෙයි (PHOTOS)
ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණා.ඔහු විවාහ වුයේ බොලිවුඩ් රංගන ශිල්පිනී අනුෂ්කා ශර්මා සමගයි.ඉතාලියේ මිලානෝ නුවර පැවති විවාහ මංගල උත්සවයට ඔවුන්ගේ පවුලේ සමීපතමයන් පිරිසක් එක්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.ලබන 21 වැනිදා ඉන්දියාවේ දිල්ලි නුවරදීද විරාත් කෝලිගේ සහ අනුෂ්කා ශර්මාගේ විවාහය වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමට නියමිතයි.
සිය විවාහ මංගල්‍ය උත්සවය හේතුවෙන් විරාත් කෝලි ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියටද සහභාගි වන්නේ නැහැ.ඔහු නොමැතිව ඉකුත්දා පැවති පළමු එක්දින තරගයේදී ඉන්දිය කණ්ඩායම කඩුළු 7 කින් පරාජය කිරීමටද ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා.විරාත් කෝලිගේ සහ අනුෂ්කා ශර්මාගේ විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.
මහින්ද පිළේ කෑගල්ලේ සංවිධායක අලියා පිටේ නගියි
කෑගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සහ මහින්ද පිලේ කෑගල්ල සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඩී.එම් උපාලි දිසානායක මහතා එජාපයේ සමාජිකත්වය ලබා ගෙන තිබේ.
ඔහු අද (11) දිනයේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමෙන් අනතුරුව මෙම පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇත.
වීරවංශ අතහැර පියසිරි-වීරකුමාර ශ්‍රීලනිපයට එක්වෙයි..
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එකත්ව තිබේ.ඔහුත් සමග ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකව සිටි පියසිරි විජේනායක මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව ඇත.
ජනපති-බැසිල් මහරෑ දුරකතන සාකච්ඡාවක
ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතව මැතිවරණයට තරග කිරීම ගැන තීරණාත්මක දුරකතන සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සිදුවූ බව දේශපාලන අංශ ආරංචි මාර්ග තහවුරු කරයි.
දිවයිනේ ප්‍රධාන පෙළේ සරසවියක මහාචාර්ය පදවියක් දරන ස්වාමීන් වහන්සේ නමකගේ මැදිහත් වීමෙන් මෙම සාකච්ඡාව පසුගියදා සිදුවිය.
හතුරුසිංහ 20 දා සිට ශ්‍රී ලංකාවේ වැඩ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා එළැඹෙන 20 දා සිට වැඩ බාර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත්කිරීමට අදාළව විධායක කමිටුවේ අනුමැතිය පසුගිය 06 දා ලැබී ඇත.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරු වශයෙන් හා ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙවනැලි පහුණුකරු වශයෙන් කටයුතු කර ඇති හතුරුසිංහ පසුව ඔස්ට්‍රේලියා ප්‍රාන්ත කණ්ඩායමක පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කළේය.
පසඳගේ මඟුල් ගෙදරදී මෛත්‍රී - මහින්ද හමුවක්
ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයකු වන ජනක මල්ලිමාරච්චි මහතාගේ දියණිය ජනාසී මෙනවිය අතර ඊයේ (07 වැනිදා) කොළඹ ශැන්ගි්‍රලා හෝටලයේදී පැවැති විවාහ මංගල උත්සවයේ මනාල යුවළ වෙනුවෙන් සාක්ෂිකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරු අත්සන් තැබූහ.
සබීතාගේ සැමියගේ කුලිය ගෙවන්න කිරිඇල්ලගෙන් ඇස්තමේන්තුවක්
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුලියට ගත්තත් මෙතෙක් පාවිච්චියට නොගත් රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා වන රුපියල් 6,60,40,000 ක මුදලක් ලබාගැනීම සඳහාවන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.
වරද පිළිගත් සජින් ද වාස්ට 1000ක දඩයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට රුපියල් 1000ක දඩයක් නියම කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් අද (07) දින මෙම නියෝගය ලබා දී ඇත.
යන්න ලෑස්තිවූ ක්‍රීඩකයින් නවතා දයාසිරි ගේම අතට ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් සංචාරයකට සහභාගි වීමට නියමිතව සිටි කණ්ඩායමක් ගුවන්ගත වීමට මොහොතකට පෙර අවලංගු කොට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නැවත කැඳවීමක් පෙරේදා (4දා) රාත්‍රියේ වාර්තා විය. එයට හේතුව වූයේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පූර්ව අනුමැතියක් නොමැතිව කණ්ඩායම පිටත්ව යෑමයි.
මෙම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්වූ අතර
ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සමඟ ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් ඊයේ සවස විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීය. ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන විධායක නිලධාරි අෑෂ්ලි ද සිල්වා ඇතුළු ක්‍රිකට් ආයතන නිලධාරීන් සහභාගි වූ මෙම රැස්වීමේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ මින් පසුව නියමිත වේලාවට පසුව එවන කිසිදු ක්‍රිකට් කණ්ඩායමකට අනුමැතිය ලබා නොදෙන බවත් පෙරේදා රාත්‍රියේ ක්‍රීඩකයන්ගේ ගුවන් ගමන් නතර කිරීමෙන් ගෙවීමට සිදුවන මුදල ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු නිලධාරියකුගෙන් අයකර ගන්නා ලෙසයි.
රාජපක්ෂලාගේ සියලු දූෂණ හෙළිකරන 'බඩු' තියනවලු (VIDEO)
ජාතික නිදහස් පෙරමුණේ හිටපු සාමාජික, හිටපු පා.ම ජයන්ත විජේසේකර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තිබේ.
ඔහු පසුගියදා පැවති ජනහමුවකදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සහ පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින හොර කල්ලියේ දූෂණ වංචා සම්බන්ධ ‘බඩු‘ තමා සතු බවත් ඒවා ඉදිරියේදී හෙළි කරන බවත් කියා තිබුනේ පහත වීඩියොවෙ පරිදිය.
විමල්ගේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම උග්‍ර වෙයි
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව සමග එක්විය නොහැකිය යන ස්ථාවරය දැරීමත්,ජා.නි.පෙ ප්‍රධාන තනතුරු දරන කිහිපදෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතුය යන ස්ථාවරයේ සිටීමත් හේතුවෙන් එම පක්ෂය අභ්‍යන්තරයේ මත ගැටුමක් නිර්මාණය වී තිබේ.
පසුගිය කාලය පුරා එක් ස්ථාවරයකට එළඹීමට පක්ෂයේ නායකයන් උත්සාහ කළද එය ව්‍යවර්ථ වී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම පක්ෂයේ කිහිප දෙනෙකු පක්ෂය හැරයෑමට තීරණය කර තිබේ.


















