ෙදෙව අංකයට අනුව නව අවුරුදු පලාපල

නව වසරේ අංක විද්‍යාත්මක පලාපලය දැන ගැනීමට පළමුව ඔබේ ෙදෙව අංකය මෙලෙසින් සොයාගන්න. මුලින්ම ඔබ කළ යුත්තේ ඔබේ උපන් වර්ෂය, මාසය හා දිනයට යෙදෙන අංක, තනි අංකයක් බවට පත්වන තුරු එක දිගට එකතු කරගැනීමයි. ඒ සඳහා පහත සඳහන් නිදර්ශනය අනුගමනය කරන්න.

1956 අප්‍රේල් මස 19 වැනි දින උපත ලද අයකුගේ ෙදෙව අංකය සොයාගන්නේ මේ අයුරෙන්ය.

1+9+5+6+4+1+9⋆ එකතුව 35 ⋆ 3+5⋆8 ඔහුගේ ෙදෙව අංකය වන්නේ අංක 08ය. මෙම ක්‍රමවේදයේදී බින්දුවේ වටිනාකමක් නැති අතර එකතුව අංක 10 වුවහොත් එහිදී ෙදෙව අංකය ලෙස සලකනුයේ අංක 01ය. එකතුව 11 වූවා නම් එහිදී ෙදෙව අංකය වන්නේ අංක 02ය. මෙයාකාරයට ඔබේ ෙදෙව අංකයද සොයාගන්න. (තනි ඉලක්කමක් යනු අංක 01 සිට 09 දක්වා යෙදෙන සංඛ්‍යාවන්ය.)

ෙදෙව අංකය – 01
රාජ්‍ය කාරක රවි ග්‍රහයාට අයත් ෙදෙව අංක 01න් උපත ලද ඔබට ලබන්නා වූ මෙම නව වසර ඉතා යහපත්, වාසනාවන්ත වසරක් වනු නොඅනුමානය. නව වසර මුලදීම ඔබගේ සිතුම් පැතුම් ඉටුවන අතර නිලතල මෙන්ම උසස්වීම්ද හිමිවනු ඇත.

ප්‍රසිද්ධිය, කීර්තිය හා බලයද වර්ධනය වන අතර රජයෙන් ආධාර උපකාර මෙන්ම ගෞරව සම්මානයෙන්ද පුද ලබන වසරක් ලෙස මෙම නව වසර පෙන්වා දිය හැකිය. එමෙන්ම ඔබට නොසිතූ ලාභ හා වාසි හිමිවන අතර උසස් හා ප්‍රභූවරුන්ගේ ඇසුරටද පත්වනු ඇත.

ඇසුරු කරන්නන් අතර හොඳ හිත වර්ධනය වන අතර ඔබගේ කටයුතු සඳහා උගත්, නැණවත් හිතවතුන්ගේ සහාය නොමඳව හිමිවන වසරකි. කිසිවකුට හෝ යටත් නොවන ඔබ තුළ වෙන වසරවලට වඩා ආඩම්බරකාර ගති මතුවන අතර උදාරම් බවක්ද දැකගත හැකිය.

විවාහ අපේක්ෂිත ඔබගේ විවාහය මෙම වසරේ ඉදිරි මාස තුන තුළ සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ නොවුණහොත් එය දෙසැම්බර් හෝ 2019 ජනවාරි මාසය දක්වා කල් යෑම යහපත්ය. ඕනෑම අභියෝගයක් ජයගැනීමේ දැඩි ආත්ම ශක්තියක් ඔබ තුළ වර්ධනය වන අතර පහසුවෙන්ම නායකත්වය කරා පිය නැගිය හැකි වාසනාව පෙන්නුම් කෙරේ.

ධන වාසනාව ඇති අතර නොසිතූ මොහොතක හදිසි ධන ලාභයක් හිමිවීමේ ප්‍රවණතාවද ඇත. ව්‍යාපාර හා රැකියා කටයුතුවලින් ධන ලාභ ලැබෙන අතර විදේශීය ධන ලාභයන්ද හිමිවන වසරකි.

ගෘහ ජීවිතය තුළ අගෝස්තු මාසයේදී කිසියම් නොසන්සුන්තාවක් ඇතිවීමට ඉඩ ඇති අතර බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් පැන නගින ගැටලු සමනය කරගැනීමටද හැකිවේ.

උෂ්ණ රෝගවලින්, හිසරදයෙන් වරින් වර පීඩා විඳීමට සිදුවන අතර හෘදයාබාධ ඇති අය ප්‍රවේශම් විය යුතු අතර වෛද්‍ය උපදෙස් නිසි අයුරින් පිළිපැදීම අත්‍යවශ්‍ය වේ.

ජය අංක – 1, 2, 3, 7, 9
සුබ දින – ඉරිදා, සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ, සුදු, රන්වන්

ෙදෙව අංක – 02
සඳු හෙවත් චන්ද්‍රයාගේ පාලනයට නතුව ෙදෙව අංක 02න් උපත ලද ඔබට පෙර පින් මතු කරන වසරක් ලෙස නව වසර පෙන්වාදිය හැකිය. අසරණයන්ට හා රෝගීන්ට ඇප උපස්ථාන කිරීමට ඔබට මෙම වසරේදී අවස්ථාව උදාවනු ඇත. කරුණාවන්ත, මුදු මොළොක් හදවතකින් කටයුතු කරමින් රෝගී හදවත් සුවපත් කරලීමෙන් මහත් වූ පුණ්‍යකර්මයක් සිදුකරගන්නා ඔබ එමගින් විශාල මානසික සතුටක්ද භුක්ති විඳිනු ඇත.

ස්ත්‍රී පක්ෂයේ වැඩිහිටියන් සමග පින්කම්වල යෙදෙමින් ආගමික හා සමාජීය සේවාවන්වල යෙදීම හේතු කොටගෙන මෙම වසරේදී ඔබගේ ජනප්‍රියත්වය ඉහළ අගයක් ගනු ඇත. කුඩා දරුවන්ගේ සමාගමය ප්‍රිය කරන අතරේ විරුද්ධ ලිංගිකයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමටද ඔබ ප්‍රියත්වයක් දක්වනු ඇත.

වැඩි දෙනකුගේ හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට පෙළඹෙන ඔබ මෙම වසරේදී නිවස හා ගෙමිදුල අලංකාර කිරීම සඳහා වැඩි වෙහෙසක් දරන අතර ඒ සඳහා වැඩි මුදලක්ද වැය කරනු ඇත. එමෙන්ම නවීන පන්නයේ නව විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම් පැලඳුම් වෙත වැඩි ඇල්මක් හා උනන්දුවක් දක්වන අතර අසරණයන් වෙත වස්ත්‍ර දාන දීමටද නොපැකිළිව කටයුතු කරන වසරකි.

වන්දනා ගමන් යෙදෙන මෙම වසරේ විදේශීය වන්දනාවක යෙදීමටද ඔබට වාසනාව ඇත. එමෙන්ම පෙර පින් මතු කරන මෙම වසරේදී ඔබගේ වාහන සිහිනයද මල්ඵල ගැන්වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ත්‍යාගයක්, පරිත්‍යාගයක් වශයෙන් හෝ එය ඉටුවීමට ඉඩ තිබේ.

නව වසරේ ඔබගේ ධන වාසනාවට අභියෝග නොමැති අතර ධන වාසනාවේ උල්පත් වරින් වර හැදෙනු ඇත. අගහිඟකම් ඇති නොවන අතර තැන්පත් ධනයද ඉහළ යනු ඇත. ව්‍යාපාරයන්හි හා රැකියා කටයුතුවලද ප්‍රගතියක් ඇතිවන අතර ප්‍රබෝධමත් භාවයකින් යුතුව එහි නියැළෙයි.

අනාගතය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් කටයුතු සකස් කරන මෙම වසරේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා වෙනස්කම් කිහිපයක් ඔබ අතින් සිදුවනු ඇත.
ජය අංක – 1, 2, 3, 9
සුබ දින – ඉරිදා, සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – සුදු, කහ, රතු

ෙදෙව අංක – 03
මෙම අංකය අයත් වන්නේ සුරගුරු හෙවත් ගුරු ග්‍රහයාටය. හොඳම අංක 03න් ජන්ම ලාභය ලැබූ ඔබට මෙම වසර සෞභාග්‍යයෙන් සපිරුණ අභිමානවත් වසරක් වනු ඇත. ඔබගේ ජීවිතයේ සුබවාදී පරිවර්තනයක් පැහැදිලිව දැකගත හැකි වසරක් ලෙස මෙම නව වසර පෙන්වාදිය හැකිය. දේශපාලනයේ නිරතව සිටි ඔබට මෙම වසරේදී ජයග්‍රහණ රැසක සතුට භුක්ති විඳීමට අවස්ථාවක් උදාවන අතර ඉහළ ජනප්‍රියත්වයක්ද හිමිවේ.

පවු‍ලේ ප්‍රීති උත්සව අවස්ථා ඇතිවන අතර සතුට හා ප්‍රබෝධය වසර පුරාම පවතිනු ඇත. වරින්වර සිතට වධ දුන් ගැටලුවලට ක්‍රමානුකූලව විසඳුම් ලැබෙන අතර ලෞකික දියුණුවට වඩා ලෝකෝත්තර දියුණුවක් මෙම වසරේදී අපේක්ෂා කළ හැක. පුණ්‍ය කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු කරන ඔබ මෙම වසරේදී දාන, ශීල, භාවනා යන තුන් පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වෙමින් ආධ්‍යාත්මික සුවය අපේක්ෂා කරනු ඇත.

ෙදෙව අංක 03න් උපත ලද පූජ්‍ය පක්ෂයට සිතෙහි සහනය ළඟාකර දෙන මෙම වසරේ ෙනෙතික සේවාවන්ට සමගාමීව සමාජ මෙහෙවරද සාක්ෂාත් කරගැනීමට අවස්ථාව උදාකෙරේ.

පරිත්‍යාගශීලීත්වය වැඩිවන අතර නිර්ලෝභී සිතකින් යුතුව කටයුතු කිරීමට සිත් දෙන මෙම වසරේ සිතට හා කයටද සැනසීමක් සුවයක් දැනෙනු නිසැකය. ඔබගේ සිත පිනට දහමට නැඹුරු වන අතර උපේක්ෂා සහගත අයුරින් වසර ගෙවී යනු ඇත. විදේශගත සංචාරයන් යෙදෙන වසරකි.

අතමිට නිතර මිල මුදල් ගැවසෙන අතර බලා‍පොරොත්තු වූ පරිද්දෙන් ධන ලාභ හිමිවෙයි. තම නිලතලවලට අදාළව ඉහළ වැටුප්, ප්‍රසාද දීමනා මෙන්ම විශේෂ ගෞරවයද ඔබට මෙම වසරේදී හිමිවන අතර රාජකීය මෙන්ම උසස් ප්‍රභූවරුන්ගේ ප්‍රසාදයට භාජනය වීමද සිදුවේ. මැති ඇමැති තනතුරු දරන්නන්ගේ හා උපදේශාත්මක සේවාවන්හි නිරත අයගේ ආදායම් තත්ත්වය ඉහළ යන වසරකි.

උගුර ආශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී. පපුවේ සෙම් ගතිය අධික වීමෙන් රෝග තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. අර්ශස් හා උෂ්ණ රෝගවලින් පීඩා විඳින්නන් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහාම යොමුවන්න.
ජය අංක – 1, 2, 3, 9
සුබ දින – ඉරිදා, සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ, සුදු,

ෙදෙව අංක – 04
රාහු ග්‍රහයාට අයත් ෙදෙව අංක 04න් උපත ලද ඔබට නව වසර වාසනාව සපිරි සෞභාග්‍යමත් වසරක් වනු නොඅනුමානය. තම සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වන මෙම වසරේ ප්‍රසිද්ධිය හා ධනය ඔබ සොයා එනුයේ කිසිදා නොසිතූ විලසිනි.

විදේශ ගමන් යෙදෙන අතර චෝදනා හා විනෝද ගමන්ද වරින් වර යෙදෙනු ඇත. මතෛක් අඩපණව තිබූ ව්‍යාපාර කටයුතුවල නව පිබිදීමක් ඇතිවන අතර රැකියා ක්ෂේත්‍රයන්හිදී ද දියුණුවක් මෙම වසරේදී අපේක්ෂා කළ හැක. රැකියා අහිමිව සිටි ෙදෙව අංක හතර හිමියන්ට නව රැකියා අවස්ථා උදාවනු ඇත. රැකියා හා ජංගම රැකියාවන්හි නියුතු වූවන්ට වැඩි ලාභ අපේක්ෂා කළ හැකි වසරක් ලෙස නව වසර පෙන්වා දිය හැකිය.

සතුරු කරදරයක සේයාවක්ද පෙන්නුම් කරන අතර ඉතාම බුද්ධිමත්ව හා කල්පනාකාරී ලෙසින් කටයුතු කිරීමෙන් එම තත්ත්වය පාලනය කර ජයගත හැක. නීතිගරුක අයුරින් කටයුතු කිරීමෙන් අනවශ්‍ය කරදර මගහැරෙන අතර යහපත් ජනප්‍රියත්වයක්ද හිමිකර ගැන්ම අපහසු නොවනු ඇත. ඔබගෙන් උදව් පතා එන අය පිළිබඳව කල්පනාකාරී වන්න. ගඟෙන් දිය බි මුහුදට ආවඩන අය ඔබ වෙත සමීප වන වසරකි.

බලා‍පොරොත්තු නොවූ මොහොතක විශාල ධනයක් හිමිවීමේ ප්‍රවණතාවක් ඇති අතර එය ලොතරැයි දිනුමක් වීමටද බොහෝ දුරට ඉඩ ඇත. එමෙන්ම පැරණි උරුම හිමිකමකින් වුවද විශාල ධනයක් හිමිවීමේ භාග්‍යය පවතී. නිකරුණේ වියදම් කිහිපයක් යෙදුණද තැන්පත් ධනය වර්ධනය කරගත හැකිය. ‍පොළොව සම්බන්ධ කටයුතුවලින්ද වාසි සහගත තත්ත්වයක් උදා කරගත හැකි බවක් පෙන්නුම් කෙරේ.

ඔබගේ හිතුවක්කාරී බව හේතුවෙන් ගෘහ ජීවිතයේ ප්‍රශ්න ඇති වීමට ඉඩ තිබෙන බැවින් සන්සුන් මනසින් යුතුව ප්‍රශ්න විසඳාගන්න උත්සාහ කරන්න. පිටකොන්දේ හා තුනටියේ වේදනා හා ආබාධ ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න. බෝවන උණ රෝගවලින් ප්‍රවේශම් වන්න.
ජය අංක – 4, 5, 6, 8
සුබ දින – බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා
සුබ වර්ණ – කොළ සහ නිල් (අළු පැහැති විශේෂයි)

ෙදෙව අංක – 05
බුද්ධිකාරක බුධ ග්‍රහයාට අයත් අංක 05න් උපත ලද මෙම නව වසර මිශ්‍රපලදායකය. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් විශිෂ්ට ප්‍රතිඵල උදාකරගත හැකි අතර සන්නිවේදන හා විද්‍යුත් මාධ්‍යයන්හි නිරත ෙදෙව අංක පහ ඔබට මෙම වසර සුබපල ගෙන දෙනු ඇත.

සමහර අවස්ථාවලදී ඔබේ කටයුතුවලට උසස් නිලධාරීන්ගෙන් වරින් වර බාධා ඇතිවන අතර එම අවස්ථාවලදී සිත් රිදවීම්වලට පවා භාජනය වීමට ඔබට සිදුවේ. රැකියා කටයුතුවල ප්‍රගතියක් ජූලි මාසයෙන් පසු ඇතිවන අතර උසස්වීම් හා නිලතල ලාභයන්ද හිමිවීමේ ප්‍රවණතාවක් පවතී.

නව වසරේදී ඔබේ පවු‍ලේ අයකුගේ ජයග්‍රහණයක් පිළිබඳව සතුටු විය හැකි අවස්ථාවක් යෙදෙන අතර නිවසේ ප්‍රීති උත්සවයක්ද පැවැත්වේ. ගෘහ ජීවිතය සතුටුදායක වුවද වරින් වර සුළු සුළු අර්බුදයන්ටද මුහුණපෑමට සිදුවේ. ඔබගේ බුද්ධිමත් භාවය මත එවැනි අර්බුද ඇති නොවන අයුරින් ක්‍රියා කර ජීවිතය ජයගත හැකිය.

දේශපාලනයේ නිරත වූ ඔබට ජයග්‍රහණ රාශියක් මෙම වසරේදී හිමිකර ගත හැකි අතර ජනතා විශ්වාසය දිනා ගැන්ම සඳහා ඔබේ කටහඬ හා බුද්ධිය නිසි අයුරින් හසුරුවන්න. ඔබේ ආකර්ෂණීය කතා විලාසය හේතුකොටගෙන ජනතාව ඔබට වසඟ වනු ඇත.

ඔබගේ බුද්ධිය නිසි අයුරින් ප්‍රයෝජනයට ගත හැකි මෙම වසරේ ඔබගේ කීර්තියත්, ජනප්‍රියත්වයක් ඉහළ අගයක් ගනු ඇත. ජනමාධ්‍ය ආයතනයන්ට සම්බන්ධව කටයුතු කරන ඔබට නව සිතිවිලි හා ආකල්ප තුළින් ක්ෂේත්‍රය ජය ගැනීමේ බලය බුධ ග්‍රහයා ලබාදෙනු ඇත.

වැඩිහිටියන්, ගුරුවරුන් හා බහුශ්‍රැත පුද්ගලයන් ඇසුර මෙම වසරේ තව තවත් වැඩිවන අතර ඔවුන්ගෙන් ලැබෙන ගුරුහරුකම් හා දැනමිතිකම් ඔබගේ ජීවිතයට නව ආකල්පයක් ලබාදෙනු ඇත. ධනය හිමිවීමේ බාධා නොමැති අතර ‍පොතපත සම්බන්ධ කටයුතුවලින් සුවිශේෂී ලාභ අත්කර ගැනීමට පුළුවන.

ජය අංක – 4, 5, 6, 8
සුබ දින – බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කොළ, නිල්

ෙදෙව අංක – 06
ග්‍රහ ලොව මනාලිය වන සිකුරුට අයත් ෙදෙව අංක 06න් උපත ලද ඔබට ලබන්නා වූ නව වසර යහපත් වසරක් වනු ඇත. ඒ ඔබේ මානසික ඒකාග්‍රතාව මතය. සිතට හැඟෙන සිතිවිලි එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට යෑමෙන් වැළකී සිටින්න.

පෙර පින් මතු කරන මෙම නව වසරේදී ඔබට දෙවියන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබෙනු ඇත. සිතත් ගතත් නිවී සැනසී යන වසරකි. මානසික සුවය මෙන්ම කායික සුවයද ඉතා උසස් ලෙසින් භුක්ති විඳීමට ඔබට අවස්ථාව හිමිවන මෙම වසරේ ඔබේ සිත අවකල් ක්‍රියා සඳහා යොමුවීමේ වැඩි ඉඩක් පවතින බව පෙනේ.

අහඹු ලෙස හමුවන විරුද්ධ ලිංගිකයන්ගේ උගුල්වලට හසුවන ඔබ නින්දාවට හා අපකීර්තියටද ලක්වනුයේ ඔබ නොසිතූ නොපැතූ අයුරිනි. එම ක්‍රියාදාමයන් මත ඔබගේ පවුල් ජීවිතය තුළද බරපතළ ගැටලු නිර්මාණය වන අතර දික්කසාදය තෙක් යාහැකි කනගාටුදායක සිදුවීම්ද ඇතිවීමේ ඉඩකඩද පවතී. තමන්ට නොගැළපෙන බාලයන් වැනි පුද්ගලයන්ගේ ඇසුරෙන් ඈත්ව දිවි ගෙවීමෙන් මෙවැනි අසුබදායක තත්ත්වයක් ඇතිවීම වළක්වාගත හැකිය.

ඉතා සුබදායක වසරක් ඔබේ දුර්වලතා හේතුවෙන් අවාසනාවන්ත වසරක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එම නිසා රෑ වැටුණ වළේ දහවල් නොවැටෙන්නට වග බලාගැනීම අත්‍යවශ්‍ය වේ. කල්පනාවෙන් සහ සිහි බුද්ධියෙන් කටයුතු කිරීමෙන් මෙම අපලකාරී තත්ත්වය බොහෝදුරට සමහන් කරගත හැක. ඔබගේ දුර්වලතාවන්ට දෙවියන් පළි නැත. දෙවියන් ඔබට ලබාදුන් වාසනාවන්ත වසර ඔබ විසින් අපිරිසිදු කරගත් පසු දෙවියන්ට දොස් නොකියන්න.

විනෝදයට, ප්‍රීතියට හා සැපයට කැමති අංක හය හිමියන්ට ඒ සඳහා විශාල වියදමක් මේ වසරේදී දැරීමට සිදුවේ. සිතා සිටි බොහෝ දේවල් හිටි හැටියේ වෙනස් කරන අතර ඇරඹීමට ආසාවෙන් සිටි ගොඩනැගිලි තැනීම් වැනි කටයුතු අඩපණ වීමට ඉඩ තිබේ.

ඇසුරු කරන මිතුරු මිතුරියන්ගේ පාවාදීමකට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින අතර බුද්ධිමත්ව හා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වේ. 2018 ඔක්තෝබරයෙන් පසුව ජයග්‍රහණ රැසක් හිමිවනු ඇත. ධනය ලැබුණද වියදම ඉහළ අගයක් ගනු ඇත. තැන්පත් ධනයද ක්ෂය වීමේ ලකුණු පෙන්නුම් කෙරේ.

ජය අංක – 4, 5, 6, 8
සුබ දින – සඳුදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කොළ, නිල් සහ තැඹිලි

ෙදෙව අංක 07
කේතු ග්‍රහයාට අයත් යැයි සැලකෙන ෙදෙව අංක 07න් උපත ලද ඔබට මෙම නව වසර යහපත් වසරක් වනු ඇත. ගුප්ත විද්‍යාත්මක හා ආධ්‍යාත්මික කටයුතුවල නිරත ෙදෙව අංක 07 හිමියන්ට මෙම වසර සුවිශේෂී වසරකි. ඔබගේ විද්‍යාත්මක හා අධ්‍යාපනික පර්යේෂණයන් සාර්ථක කරගැනීමට මෙම වසරේදී හැකිවන අතර දෙවියන් පිළිබඳවද දැඩි විශ්වාසයක් හා භක්තියක් සිත තුළ ගොඩනැගෙනු ඇත.

නීතිඥ හා වෛද්‍ය වෘත්තීන්වල නිරත ඔබට මෙම වසර යහපත් වන අතර ඔබගේ සිත තුල පැන නැගෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනු ඇත. සමෘද්ධියත් කාලයක උදාවක් ලෙස මෙම නව වසර පෙන්වා දිය හැකිය. පත‍පොත ආශ්‍රිත රැකියාවන්හි නියුතු ඔබට ඔබගේ සිතුම් පැතුම් ඉටුවන වසරකි. ජනමාධ්‍යවේදී ඔබට සුබයි.

ෙදෙව අංක හතෙන් උපත ලද ඔබට නව අත්දැකීම් රැසක් අත්විඳිය හැකිවන අතර නව නිර්මාණබිහි කිරීමට අවශ්‍ය පසුබිමක් ක්‍රමානුකූලව සැකසෙනු ඇත. සයවැනි ඉන්ද්‍රියක් ඇතැයි පැවසෙන ඔබට අනුන්ගේ සිත් කියැවීමේ හැකියාව මෙම වසරේදී දෙගුණ තෙගුණ වී දැනෙනු ඇත.

රහසිගත රැකියාවන්වල හෝ රහසිගත ව්‍යාපාරයන්හි යෙදුණ ඔබගේ ආදායම හා ලාභය මෙම වසරේදී ඉතා වැඩි අගයක් ගන්නා අතර ඔබගේ ආදායම හා ලාභය මෙම වසරේදී ඉතා වැඩි අගයක් ගන්නා අතර ඔබගේ බැංකු ගිණුමෙහිද බර ක්‍රමයෙන් වැඩිවන බවක් පෙන්නුම් කෙරේ. ඔබ සමග ඇසුරු කරන අයටද මෙම වසරේදී ඔබව තේරුම් ගැනීමට නොහැකි වනු ඇත. ඔබගේ ගුප්ත ස්වභාවය තව තවත් වර්ධනය වන වසරකි.

නීතියේ රැහැනට අසුවන්නටද ඉඩකඩ ඇති බැවින් නීතිවිරෝධී ගුප්තමය කටයුතුවලින් ඈත්ව කටයුතු කිරීම යහපත් වනු ඇත. විශේෂයෙන් නිධන් හෑරීමෙන් වැළකී සිටීම ඉතාම වැදගත් වේ.

ඔක්තෝබර් මැද භාගයෙන් පසුව හදිසි ධන ලාභ හිමිවන අතර ‍පොත්පත් මිලදී ගැනීම සඳහා වැඩි මුදලක් වැය කරනු ඇත. ලොතරැයි දිනුමක් හිමිවීමේ ඉඩකඩ පවතින අතර විදේශයකින්ද මුදල් ලැබිමක් පෙන්නුම් කෙරේ.
නිතර නිතර සුළු සුළු අසනීප ගති ඇතිවන අතර සමේ රෝග වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇත.

ජය අංක – 1, 2, 3, 7,
සුබ දින – ඉරිදා, සඳුදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – කහ, අළු, කොළ, නිල්

ෙදෙව අංක – 08
ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාට අයත් ෙදෙව අංක 08න් උපත ලද ඔබට මෙම නව වසර යහපත් වන අතර ඔබගේ බලා‍පොරොත්තු බොහොමයක් ඉටුවන වසරක් ලෙස පෙන්වා දිය හැක. දුක් කරදර ඔබගෙන් පැන යන අතර සැනසීම රජයන වසරකි.

පසුගිය වසරේදී ඉටු කරගත නොහැකි වූ බොහෝ දේ මෙම වසරේදී ඔබට පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව උදාවේ. ආගමික භක්තිය වැඩිවන අතර ආධ්‍යාත්මික අංශය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනු ඇත. ආගමික වැඩකටයුතුවලට සහාය දක්වන අතර පුණ්‍ය කටයුතුවල වැඩි දායකත්වයක් දක්වයි.

ආගමික හා ශාසනික සේවාවන්වල මෙන්ම සමාජයේ යහපත හා උන්නතිය සඳහා කෙරෙන කටයුතුවල මූලිකත්වය ගෙන ඔබ ක්‍රියා කරනු ඇත. විදේශ වන්දනා ගමනක මෙන්ම දිවයින තුළද වන්දනාවේ යෙදෙන ඔබ ඔබේ වියදමින් බොහෝ දෙනා වන්දනාවේ ගෙන යනු ඇත.

රැකියාවන්හි නිරත ඔබට යහපත් ස්ථාන මාරුවක් හිමිවන අතර උසස්වීම්ද බලා‍පොරොත්තු විය හැකි වසරකි. රැකියා විරහිත ඔබට නව රැකියා අවස්ථාවක් සඳහා ඉදිරි මාස තුන ඇතුළත කැඳවීම් ලැබෙනු ඇත. ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි නියුතු ඔබට ඉතා සුබදායක වසරක් ලෙස නව වසර පෙන්වා දිය හැකි අතර ඔබට බොහෝ වාසි අත්කර දීමට මෙම වසර සමත් වනු ඇත. ගුප්ත විද්‍යා හා ‍ජ්‍යොතිෂ කටයුතුවල නිරත ඔබට නව වසර සුබදායක වුවද සුළු සුළු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවක් පෙන්නුම් කෙරේ. හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන සත්‍යවාදී ඔබට ඉතා යහපත්, වාසනාවන්ත වසරකි.

සැමගේම හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට ඔබට අවස්ථාව උදාවන අතර අන්සතු ධනයකට හෝ හදිසි ධන ලාභයකට ඔබට උරුම හිමිකම් නව වසරේදී පෙන්නුම් කෙරේ. ණයතුරුස්වලින් නිදහස ලබා අතෙහිද මුදල් ඉතිරියක් රඳවාගත හැකිය. අතමිට යහමින් මුදල් ගැවසේ. ඔබට නව වසරේදී මූත්‍රා අමාරු, දියවැඩියා හා වාත අමාරුවලින් වරින් වර පීඩා සිදුවේ.
ජය අංක – 4, 5, 6, 8
සුබ දින – බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කොළ, කහ, නිල්

ෙදෙව අංක 9
අඟහරු හෙවත් කුජ ග්‍රහයාට අයත් ෙදෙව අංක 09න් උපත ලද ඔබට මෙම නව වසර මධ්‍යස්ථ පල උදා කරන වසරක් ලෙස පෙන්වා දිය හැකි නමුදු සමස්තයක් ලෙස වැඩි වාසිදායක තත්ත්වයක් ඔක්තෝබරයෙන් පසුව උදාවනු ඇත.

පසුගිය වසරට වඩා මෙම වසරේදී ඔබගේ ජනප්‍රියත්වය ඉහළ අගයක් ගන්නා අතර වෙනදාට වඩා ස්වාධීන හා දැඩි මතවාදයන් මැදින් නව ගමනක් ආරම්භ කරනු ඇත. දැඩි ආත්ම ශක්තියකින් හා නොසැලෙන අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කිරිමට සැරසෙන ඔබට නව වසර තුළදී බොහෝ ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට ලැබෙන බවක් පෙන්නුම් කෙරේ.
ඔබගේ ගමන්මග අවහිර කිරීමට සතුරන් ගන්නා බොහෝ ක්‍රියාමාර්ග හිරු දුටු පිණි බිඳුවක් සේ ව්‍යර්ථ වන මෙම වසරේ ඔබගේ සිතුම් පැතුම් බොහෝ දුරට සාර්ථක වනු ඇත. තනතුරුවල උසස්වීම් හිමිවන අතර දුෂ්කර පළාත්වල සේවය කරන ඔබට ගම් ප්‍රදේශ ආශ්‍රිතව මාරුවීම් ලැබෙන වසරකි.

පළමු මාස තුන ඔබට ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කිරීමට සිදුවන අතර හරිහැටි නින්දක් පවා නොලබා අනාගතය පිළිබඳව සැලසුම් සකස් කිරීමට සිදුවනු ඇත. නින්දා, අපහාස හා අස්ථාන චෝදනාවලට දිරිමත්ව මුහුණ දීමට හැකිවන අතර කිසිම දෙයකින් සසල නොවන තරමට ඔබේ සිත දැඩි බවක් ගනු ඇත.

පවුල් ජීවිතය තුළ කිසියම් අසමතුලිත තාවයක් ඇතිවන මෙම වසරේ මානසික පීඩාවන් ගෙනදෙන අතර යම් යම් සිත් රිදවීම්වලට පවා ඔබට භාජනය වීමට සිදුවේ. විදේශගත මිතුරන්ගේ උදව් උපකාර හිමිවන අතර එය ඔබගේ අනාගතයට මනා සවියක් වනු ඇත.

ධන වාසනාවට තරමක බාධා පැවතියද ඔක්තෝබරයෙන් පසුව එම බාධක ඉවත්ව යහපත් තත්ත්වයක් උදාවනු ඇත. වසර අවසානය වන්නට ප්‍රථම හදිසි ධනයක් හිමිවීමේ ප්‍රවණතාවක් පවතී. හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න. ශල්‍යකර්ම ආදියට ඉඩ ඇති අතර සිරුරෙන් රුධිය පිටවන අන්දමේ අනතුරක් සිදුවීමට ඉඩ තිබේ.
ජය අංක – 1, 2, 3, 9
සුබ දින – ඉරිදා, සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ, සුදු, රන්වන්

පාරම්පරික ‍ජ්‍යොතිෂවේදී කොටදෙණියාවේ
ඩී. ඩග්ලස් නිමලවංශ ගුණවර්ධන