ගෑස් මිල පහ­ළට

සිකු­රාදා (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා­ත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලි­න්ඩ­ර­යක මිල රු. 138කින් අඩු කිරී­මට පාරි­භෝ­ගික සේවා අධි­කා­රිය තීර­ණය කර ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක් වන ගෘහස්ථ ගෑස් සිලි­න්ඩ­ර­යක කොළඹ දිස්ත්‍රි­ක්කය තුළ නව මිල වන්නේ රු. 1538කි.

පසු­ගිය අප්‍රේල් 27 වනදා ගෘහස්ථ ගෑස් සිලි­න්ඩ­ර­යක මිල රු. 245කින් මිල ඉහළ ගියේය. ඉන් මාස 02කට පසුව ගෑස් මිල පහත දැමී­මට පාරි­භෝ­ගික සේවා අධි­කා­රිය ගෑස් සමා­ගම් සඳහා නියෝග කළේය.