ශ්‍රීලනිප 16 දෙනා ආණ්ඩුවෙන් යති

විපක්ෂයට එක්වීමට තීන්දු කළ ශ්‍රී.ල.නි.ප ජ්‍යොෂ්ඨයන් 16 දෙනා සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ හෝ ජෝන් සෙනවිරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස මැතිසබය විපක්ෂයේ අසුන්ගැනීමට තීන්දු කළ බව එහි ජ්‍යොෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

විපක්ෂයට යන දිනය හා කණ්ඩායම් නායකයා කව්ද යන්න අවුරුදු නිවාඩුවෙන් පසුව රැස්වී තීන්දු කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය. මෙම කණ්ඩායම ඉදිරි කාලයේදී විපක්ෂයේ පක්ෂයක් ලෙස මැතිසබයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.