IOC තෙල්මිල ඉහළ දමයි

න්දීය තෙල් සමාගම ඩීසල් හා 92 ඔක්ටේන් පෙට්‍රල් මිල පිළිවෙලින් රැපියල් 5කින් හා 9කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඊයේ (23දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ. ලංකා ඛණිජ තෙල් සංස්ථාව සිය තෙල් මිල ඉහළ දැමීමට තවමත් තීරණය කර නොමැත.

කෙසේ වෙතත් සුපර් ඩීසල් හා 95 ඔක්ටේන් පෙට්‍රල් මිල ඉහළ දමා නොමැත. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 100ක් වන අතර පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 126ක් වෙනු ඇත.

මේ අතර එක්ස්ට්‍රා ප්‍රිමියම් යූරෝ 03 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින්ද, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින්ද ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.