අධික මහතට පිළියම් මෙන්න!

ශ්‍රී ලංකාව තුළද තරබාරුව හෙවත් අධික ලෙස මහත්වීම සීඝ්‍ර ලෙස ඉහළ යන බෝ නොවන රෝගයක් බවට පත්ව තිබේ. පසුගිය වසරේ කළ පරීක්ෂණ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව තුළ තරබාරුව මෙන්ම අධිබර තත්ත්වය තදින් ඉහළයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එයිනුත් වැඩිහිටි පිරිස අතර උදරාශ්‍රිත තරබාරු තත්ත්වයන් ඉහළ ගොස් තිබේ. මේ ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ විවිධ තරබාරු තත්ත්වයන් සහ ඒවායෙන් මිදීමට කරුණුය.


ආහාර නිසා ඇතිවන තරබාරු භාවය “Food Obesity”

මේ තරබාරු භාවය ඇතිවන්නේ අධික ලෙස ආහාරත් ජලයත් පරිභෝජනය කිරීම නිසයි. මේ තත්ත්වයේදී ශරීරයේ උඩ කොටසේ මේදය තැන්පත් වීමත් උදරයේ මේදය තැන්පත් වීමත් ඇතිවී උදරය ඉදිරියට නෙරා ආ ස්වරෑපයක් ගනු ලබනවා.

මේ තරබාරු භාවය නැති කර ගන්නට නම් ඔබට කරන්න තිබෙන්නේ අධික ලෙස ආහාර අනුභවය නතර කර ආහාරයට ගන්නා සීනි ප්‍රමාණයත් අඩුකිරීම පමණයි. ඒ වගේම, සෑම දිනකම විනාඩි 30ක් පමණ ව්‍යායාමවල නිරත වන්න.

ස්නායුක උදර තරබාරු භාවය “ Nervous Stomach Obesity ”

මානසික ආතතිය සහ කාංසාව යන කරැණු නිසා මේ තරබාරු භාවය ඇති වනවා. වැඩි වශයෙන් පැණිරස ආහාර අනුභවය සහ විශාදය වැනි තත්ත්ව නිසාත් මේ තරබාරුභාවය ඇති වන්නට පුළුවන්.

මේ තරබාරු භාවය දුරැකරගන්නට හොඳම ක්‍රමය වන්නේ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම මගින් මානසික ආතතිය සහ කාංසාව වැනි තත්ත්වයන් දුරුකර ගැනීමයි.

ග්ලූටන් තරබාරු භාවය “Gluten Obesity”

මේ තරබාරු භාවය වැඩි වශයෙන් ඇති වන්නේ කාන්තාවන්ටයි. කාන්තාවන්ට මේ තරබාරු භාවය නව යොවුන් වියේදී, සහ ආර්තවාභාවයේදී ඇති වන්නට පුළුවන්. ඒ වගේම, මේ තත්ත්වය හෝමෝනවල සිදුවන යම් වෙනස්කම් නිසාත් සිදුවනවා.

මේ තරබාරු භාවය නැති කරගන්න නම් එකම ස්ථානයේ දිගු වෙලාවක් වාඩිවී සිටීමෙන් වළකින්න. ඒ වගේම, දිනපතා බර එසවීම ඇතුළුව ව්‍යායාම සිදු කරන්න. දුම්පානයෙන් සහ මත්ද්‍රව්‍ය පානයෙන් වැළකී සිටින්න.

ධමනි තුල මේදය තැන්පත් වීම නිසා ඇතිවන පරිවෘත්තීය තරබාරු භාවය “Atherogenic Metabolic Obesity”

මේ තරබාරු භාවය නිසා පිම්බුණු බැලුමක ආකාරයේ උදරයක් ඇතිවී ශරීරයේ මේදය උදරයට එකතුවී ඇති ස්වරූපයක් ගනු ලබනවා. ඇල්කොහොල් සහිත පාන වර්ග පානය කරන පුද්ගලයින්ගේත් මෙවන් තත්වයක් ඇතිවී හුස්ම ගැනීමට පවා අපහසු තත්වයක් ඇතිවනවා.

මේ තරබාරු භාවය නැති කරගන්න නම් සෞඛ්‍යය සම්පන්න ආහාර වේලකට හුරැවී ව්‍යායාමවල නිරතවී දුම්පානයෙන් සහ මත්ද්‍රව්‍ය පානයෙන් වැළකි සිටින්න.

ශිරා තරබාරුභාවය “Venous Obesity”

මේ තරබාරු භාවය ශිරා හරහා රුධිර සංසරණය වීමේදී ඇතිවන තත්ත්වයන් නිසා හට ගනු ලබන තරබාරු භාවයක්. සාමාන්‍යයෙන් මෙය ජන්ම වශයෙන් ඇතිවන තත්ත්වයක්. මේ තරබාරු භාවය කාන්තාවකගේ ගර්භනී සමයේදී ඇතිවනවා. ඇතැම් විට පුද්ගලයින්ගේ පාද ඉදිමුණු ස්වභාවයක් ගනු ලබන්නේත් මේ තරබාරු භාවය නිසයි.

මේ පීඩාකාරී තත්වය මඟ හරවා ගැනීම සඳහා සුදුසුම ක්‍රියාව වන්නේ ව්‍යායාමවල නිරත වීමයි. ව්‍යායාම අතරවාරයේදී දිවීම කඳු නැගීම ආදියත් සිදුකරන්න.

ක්‍රියාශීලි නොවීම නිසා ඇතිවන තරබාරු භාවය

මෙය ශරීරයේ විවිධ කොටස් වලට ඇතිවන තරබාරු භාවයක්. මේ තරබාරැ භාවයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ශරීරය ක්‍රියාශීලි නොවීමයි. ව්‍යායාම වල නිරත නොවී ක්‍රියාශීලි නොවන පුද්ගලයින්ට මේ තරබාරු භාවය ඇති වන්නට පුළුවන්.

ඔබත් මෙම තරබාරු භාවයෙන් පීඩා විඳින අයෙක් නම් වහාම ව්‍යායාමවල නිරතවීම අරඹන්න. ඒ වගේම, මේදය දහනය වන සෞඛ්‍යය සම්පන්න ආහාර වලට හුරුවී ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරගන්න.