විවේක ගැන්වූ හේතුව දන්නේ නෑ - මාලිංග

ඉන්දීය තරගාවලියෙන් හා බංග්ලාදේශ තරගාවලියෙන් තමන් විවේක ගැන්වූ හේතුව තවමත් තමන් නොදන්නා බවත් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ පැවැති පළමු පුහුණුවට තමන් දැළ තුළ පන්දු යවන්නෙක් වශයෙන් එක්වූ බවත් ලසිත් මාලිංග පවසයි.

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.

“ ජාතක කණ්ඩායම පුහුණුවීම් කරන විට දැළ තුළ පන්දු යවන්නෙක් අවශ්‍යයි. ඒ නිසා මම දැළ තුළ පන්දු යවන්නෙක් ලෙස පුහුණු සැසියට එක්වුණා.

ඔවුන් මාව තෝරා ගත්තොත් මම සූදානම් නමුත් මාව විවේක ගැන්වූ හේතුව මමවත් තමව දන්නේ නෑ. අවුරුදු 25-26 ක ක්‍රීඩකයෙක් විවේක ගන්වනවා. මොකද ඔවුන්ට තව ගොඩක් තරග තිබෙනවා. නමුත් මගේ වයසේ ඉන්න ක්‍රීඩකයෙක් විවේක ගැන්වීමට හේතුවක් නෑ.

අපිට තවත් වසර දෙක තුනක් පමණයි ක්‍රීඩා කළ හැක්කේ. නමුත් අපි විවේක ගැන්වූවොත් අපිට ක්‍රීඩා කරන්න ලැබන්නේ නෑත.

ආබාධයෙන් පස්සේ මම ක්‍රීඩා කළ තරග 13දී මම ලබාගත්තේ කඩුලු 10ක් පමණයි. මම ක්‍රීඩා කළ වසර 14දී මේ තමයි කඩුලු දවා නොගත් අවස්ථාව. ඒ තරග 13දී මම යොමුකළ පන්දුවලට ලබාදුන් උඩපන්දු 12ක් අත්හැරියා.

නමුත් අවසානයේදී උඩපන්දු නිර්මාණය කළ ක්‍රීඩකයාට ඉවත්වෙන්න සිදුවුණා. කවරු හරි මගේ දක්ෂතා ගැන කතාකරන්න එනවානම් මම එයට සූදානම්. ”