උමාලි සාරංගගේ ෆොටෝ එකක් එක්ක ප්‍රේමය ගැන කතා කරයි

උමාලි තිලකරත්න සහ සාරංග දිසාසේකර කියන්නේ ජනප්‍රිය කලා තරු යුගලයක්. මොවුන් දෙදෙනාගේ විවාහය කලකට ඉහතදී ආන්දෝලනාත්මක ලෙස දෙදරා ගිය බව හැමෝම දන්නවා. උමාලිගේ සහ සාරංගගේ විවාහය ගැන නැවත සමාජ ජාලා මාධ්‍ය තුල කතාබහක් ඇති වෙමින් පවතිනවා. ඒ උමාලි තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කරපු සටහනක් නිසා. සාරංග සහ ඇය සිටින ඡායාරූපයක් සමග ඇය මෙම සටහන පල කර තිබෙනවා.

එම සටහන පහලින්..

“ආදරය යනු මිතුරුදම් ගින්නකට හසුවූවාක් වැන්නකි. මුලදී එය මනරම් දැල්ලකි. අතරින් පතර රස්නයක් දැනෙන අතර යම් බියකරු බවක්ද දක්වයි. නමුත් එය ආලෝකය ලබාදෙමින් දීප්තිමත් සිටියි. ආදරය කල්යත්ම, හදවත් වයසට යත්ම, ආදරය අඟුරු වී යයි. නිවා දැමිය නොහැකි ලෙස ඇතළතින් ගිනිගනියි. ”