සතියේ ලග්න පලාපල

මේෂ – අඩුපාඩු සහිතයි

මිත්‍රයන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න. සතුරු බලවේග සමග කිසිම දෙයකට පැටලීමට නොයා යුතුයි. නොතේරුම්කමට වැරදි සිදුවේ. දෝෂාරෝපණයට ඉඩ සැලසේ. මිල මුදල් ලැබිම අතින් යහපත් වුවත් වියදම් පක්ෂය ඉහළ යයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී අඩුපාඩුකම් ඉස්මතු වන් ඇත. ගෙදරදොර කටයුතුවලදී ඉවසීමෙන්ද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුය. නොඑසේ නම් සමගියට සාමයට බාධා ගෙනදිය හැක. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. තමාගේ ශරීර සෞඛ්‍යය ගැනද ප්‍රවේශම් වන්න. ඉගෙනීමේ යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.
ජය වර්ණය – රතු, ජය අංකය – 09

වෘෂභ – බුද්ධිමත් වන්න
ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කිරීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. දරුවන්ගේ කටයුතු කෙරෙහි වඩාත් සැලකිලිමත් වන්න. නොඑසේ නම් ආකූලතා බලපායි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේදී තරමක් බුද්ධිමත් නොවුණහොත් දෝෂාරෝපණයන්ට ලක්විය හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබයි. එසේද වුවත් හදිසියේම හටගන්නා අනපේක්ෂිත සිද්ධීන් තුළ වියදම් පක්ෂය ඉහළ යා හැකි බැවින් කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සුබදායකයි. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ අධ්‍යාපන කටයුතුවල කිසියම් අන්දමක ප්‍රගතියක් ලැබිය හැක. තම සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය – නිල්, ජය අංකය – 06

මිථුන – ලාභ සහිතයි
කලින් තිබුණ තත්ත්වයට වඩා දියුණුවට අවශ්‍ය කටයුතු සැලසේ. මිල මුදල් ලාභ ප්‍රයෝජන සහිතයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් සුබයි. වාසි සහිතයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදාකර ගනී. අන්‍යයන්ගේ සහයෝගය සහ උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. ගෙදරදොර කටයුතුවලදී සැලකිලිමත් වන්න. වචන පාවිච්චියේදී ප්‍රවේශම් විය යුතුයි. නොඑසේ නම් සමගිය සාමයට බාධා සහ අවහිරතා එල්ල වනු ඇත. අධ්‍යාපන අංශවල කටයුතු කරන අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික කටයුතුවලද, සමාජීය කටයුතුවලද යෙදී සිටින අයට යහපත්ය.
ජය වර්ණය – කොළ, ජය අංකය – 05

කටක – වියදම් අධිකයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ඔබ බලා‍පොරොත්තු වන තරමට කටයුතු සාර්ථක නොවේ. යම් යම් බාධා ගැටලු දුෂ්කරතාවන්ට ඉඩ පවතී. තරමක් ඉවසීමෙන්ද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබිම අතින් කල්පනාකාරී වන්න. මුදල් ඉතිරි කර ගැනීම තරමක් අපහසුයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී සැලකිලිමත් වන්න. ගෙදරදොර කටයුතුවලදී තරමක් සමගිය සාමයට බාධා එල්ල වන බැවින් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ශ්‍රමයත්, ධනයත් වැයවේ. ඉගෙනීමේ යෙදී සිටින අයට සුබයි. ශ්‍රමයත්, ධනයත් වැයවේ. ඉගෙනීමේ යෙදී සිටින අයට සුබයි. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරනු ඇත.
ජය වර්ණය – ක්‍රීම් පාට, ජය අංකය – 02

සිංහ – මිශ්‍රපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී විටින් විට සුළු සුළු බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැකි බැවින් කල්පනාකාරී වන්න. කෙසේද වුවත් උසස් අයගේ ආධාරයද, උපකාරයද ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කරගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායකයි. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. මිල මුදල් ලැබිමට යහපත්ය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාර්ථක වේ. සමගිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් සැලකිලිමත් වන්න. ගමන් බිමන් තරමක් අධිකයි. තමාගේ ශරීර සෞඛ්‍යය කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුයි.
ජය වර්ණය – රතු, ජය අංකය – 01

කන්‍යා – බලා‍පොරොත්තු ප්‍රමාදයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායකයි. විවිධ අංශවලට යොමුවීම තුළින් ආර්ථික වාසි උදාවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් සුබයි. ලාභ ප්‍රයෝජන අත්පත් වේ. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී වඩාත් සැලකිලිමත් වන්න.

නමුත් ඔබ බලා‍පොරොත්තු වන තරමට ආධාරය, උපකාරය අන්‍ය්‍යන්ගෙන් නොලැබිම තුළ බලා‍පොරොත්තු කිහිපයක් ඉටුවීම ප්‍රමාද වේ. ගෙදරදොර කටයුතු යහපත්ය.

සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් කල්පනාකාරී වන්න. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත යොමුවන අතර ඒ තුළ සහනයක්ද, සැනසීමක්ද ලබයි. ගමන් බිමන් අධිකයි. තමාගේ ශරීර සෞඛ්‍යය කෙරෙහි වඩාත් සැලකිලිමත් වන්න.
ජය වර්ණය – කොළ, ජය අංකය – 05

තුලා – බාධා සහිතය
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී අන්‍යයන්ගේ ආධාරය උපකාරය නියමාකාරයට නොලැබිම තුළ බාධා අවහිරතා මෙන්ම ප්‍රමාදතාවන්ද ඉස්මතු වේ. කෙසේද වුවත් විදේශීය කටයුතු සම්බන්ධයෙන් සුබදායකයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන්ද මධ්‍යස්ථ ප්‍රතිඵල වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සුබදායකයි. ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමට සිදුවේ. ඒ සම්බන්ධ ගමන් බිමන් කිහිපයක්ම යෙදෙනු ඇත.
ජය වර්ණය – නිල්, ජය අංකය – 06

වෘශ්චික – ප්‍රමාදවීම්
තම දියුණුව සඳහා තිබුණ ආදායම් මාර්ග ප්‍රමාද වන බවත් කරගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රමාදතා පෙන්වන බවත් පෙනී යයි. විටෙක නොයෙකුත් ගැටලු නඩත්තු කිරීමට අමාරුකම් මතුවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වුවද ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොකරයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඉස්මතු වුවද බාධා අවහිරතාද නැත්තේ නොවේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. ආගමික සහ සමාජීය අංශවලට හිත ඇදී යන අතරම ඒ තුළ සහනයක්ද සැනසීමක්ද ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතු අතර අනතුරු, පීඩා, තුවාල යනාදියෙන්ද ප්‍රවේශම් වන්න.
ජය වර්ණය – රතු, ජය අංකය – 09

ධනු – උත්සාහය තුළින් දියුණුව
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී විටින් විට බාධා අවහිරතා ගැටලු උද්ගත කළ හැකි බැවින් ඉතාමත් කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ සහනයක්ද, සැනසීමක්ද ලැබිය හැක. ආදායම් මාර්ගවල දියුණුවක් ලැබුවද ආදායමේ වර්ධනයක් පෙන්නුවද හදිසියේ මතු කරන සිද්ධීන් තුළ වියදම් පක්ෂයද ඉහළ යන බැවින් මිල මුදල් ඉතිරි කරගැනීම තරමක් අසීරු වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට තදබල බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුද සාමාන්‍ය අන්දමට සිදුවේ. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයටත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ඉගෙනීමකට යොමුවිය හැක. කෙටි ගමන් කිහිපයක්ම යෙදේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතු අතර අනතුරු පීඩා තුවාල යනාදියෙන්ද ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය – රන්වන්, ජය අංකය – 03

මකර – ආගමට නැඹුරුවේ
වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට අයහපත් ප්‍රතිඵල නොලැබෙන අතර ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල නොලැබේ. ආදායම් ලැබුණද වියදම් පක්ෂයද ඉහළ යයි. වෘත්තීය සහ රැකීරක්ෂා අංශයේදී යම් යම් බාධා ප්‍රමාදතාවන්ට ඉඩ නැත්තේද නොවේ. ස්වකීය උත්සාහය තුළ අලුත් කටයුතු කිහිපයකට අවස්ථාව සලසාගත හැක. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාර්ථක වනු ඇති අතර සමගියට, සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. සාර්ථක වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කිහිපයක් හැදෑරීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. ආගමික අංශයට නැඹුරුවක් පෙන්වයි.
ජය වර්ණය – නිල්, ජය අංකය – 08

කුම්භ – බාධා සහිතයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම ආදායම් මාර්ග සකස් වේ යහපත් වේ. එසේද වුවත් විටින් විට අනපේක්ෂිත අන්දමින් වියදමක් දැරීමටද අවස්ථාව සැලසේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී බාධා, අවහිරතා ඉස්මතු විය හැකි නිසා තරමක් සැලකිලිමත්ව, බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර සහ යුගදිවිය සම්බන්ධයෙන් යහපත්ය. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය වේ. අධ්‍යාපන අංශයේදී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. ආගමික සහ සමාජීය කටයුතුවලට යොමුවන අතරම ඒ තුළ සහනයක්ද ලබයි.
ජය වර්ණය – නිල්, ජය අංකය – 06

මීන – වියදම වැඩියි
වෘත්තීය සහ රැකීරක්ෂා අංශවලදී උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඉතාමත් බුද්ධිමත් වන්න. කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා මෙන්ම දෝෂාරෝපණයන්ට ඉඩ මතු කළ හැකි බැවිනි. ආර්ථික වශයෙන් එතරම්ම යහපත් නොවේ. විටෙක ආදායමට වැඩි වියදම් ඇතිවන අතර ණයතුරුස් වීමේ ඉඩක්ද පවතී. තමාගේ වියදම් පක්ෂය පාලනය කරගැනීම අවශ්‍යයි. ගෙදරදොර කටයුතුවලදී ද තරමක් ප්‍රවේශම් විය යුතුය.
වාද විවාදයන්ට පැටලීමෙන් වළකින්න. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.
ජය වර්ණය – රන්වන්, ජය අංකය – 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී
ජී.ඇම්. ගුණපාල