බුලර්ස් පටුමගට කොන්ඩම් මැෂිමක්

ලොව දියුණු සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යන රටවල් සමාජ රෝග අවම කිරීමේ අටියෙන් ආරක්ෂිත ලිංගික ඇසුරක් සඳහා කොන්ඩම් භාවිතයට මිනිසා තව දුරටත් හුරු කරමින් සිටී .

ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවල සවිකර ඇති යන්ත්‍ර මගින් අවශ්‍ය විටෙක කොන්ඩම් ලබා ගැනීම සිදුකළ හැකිය.


ශ්‍රී ලංකාවේද දැන් එම ක්‍රමය අනුගමනය කරන අතර කොළඹ 4 බුලර්ස් පටුමගේ කොන්ඩම් යන්ත්‍රයක් සවිකර ඇත.තමන්ගේ දුරකථන අංකය ඇතුළත් කිරීමෙන් පසුව එම අංකයට ලැබෙන PIN අංකය යන්ත්‍රයට ඇතුළත් කිරීමෙන් මෙමගින් උපත් පාලන කොපු ලබා ගැනීමට හැකිවනවා.

එක් පැකට්ටුවක් සඳහා දුරකථන බිළට රුපියල් 50ක් එක් වන අතර මාසික දුරකථන බිල්පතේ එය කාරණයක් සඳහන් කිරීමකින් තොරව දැක්වෙනු ඇති බවයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සඳහන් කළේ.මෙම පහසුකම දැනට හිමිවනුයේ එක් ජංගම දුරකථන ජාලයක් සඳහා පමණයි.


මෙම කොන්ඩම් යන්ත්‍ර පිළිබඳව අප අද කතා කළත් මෙය මුලින්ම ලොවට හඳුන්වා දෙනු ලැබූවේ 1928 දී ජර්මන් ජාතික Julius Fromm විසිනි.කොන්ඩම් යන්ත්‍රයෙන් ඒවා ලබාගන්නා ආකාරය පහත ඡායාරූප මගින් දැක්වේ.

ඡායා- සඳුන් අරෝෂ ප්‍රනාන්දුගේ ෆේස්බුක් පිටුවෙන්