හිරුණිකාගේ ආධාරකරුවන් 6කට අත්හිටවූ සිර දඬුවම්

2015 දෙසැම්බර් 21 දින ඩිෆෙන්ඩරයකින් පැමිණ දෙමටගොඩදී තරුණයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිලිගත් පුද්ගලයන් හය දෙනෙකුට අද දිනයේ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර දෙ බැගින් සිර දඬුවම් පනවා වසර 12 කට අත්හිටුවා තිබේ.

මෙසේ දඬුවම් නියම කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ අධාරකරුවන් පිරිසකටයි.

එමෙන්ම විත්තිකරුවන් සදහා රුපියල් 32,000 බැගින් දඩ මුදලක්ද නියම කල අධිකරණය පැහැර ගැනීමට ලක් වු තරුණයා වෙනුවෙන් රුපියල් 285,000ක මුදලක් ගෙවන්නැයිද නියෝග කරනු ලැබීය.

කෙසේ වෙතත් චෝදනාව සම්බන්ධයෙන් වරද පිලි නොගත් නමුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් නඩු විභාගය තව දුරටත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.

අදාල සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු 08 දෙනෙකුට නඩු පවරා තිබින.