සුජීවට මොකක් වේද? ජනපති - අගමැති හමුවක්

නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකළ විවේචනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් සති අන්තයේ පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු සංචාරය නිමවී පෙරළා දිවයිනට පැමිණීමෙන් පසුව මෙම සාකච්ඡාව සිදුකිරීමට නියමිතව ඇතැයි කියැවේ.


පසුගියදා ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු සංචාරය නිමවා මෙරටට පැමිණි පසුව ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවට ජනාධිපතිවරයා දන්වා ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ. පසුගියදා පැවති ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැන් ගණනාවක් ජනාධිපතිවරයාට ප්‍රකාශකර ඇත්තේ ඕනෑම මොහොතක තමන්ලා සුජීව සේනසිංහ මහතාට පිළිතුරු දීමට සූදානම් බවය.