ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකාව නියෝජනය කරළ ක්‍රිස්ටියනා පීරිස් සමත්වූවාය. එම තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී ඊයේ (26දා) රාත්‍රියේ නිමාවට පත්විය.
ක්‍රිස්ටියානා 23 හැවැරිදි වියේ පසුවන්නීය. ඇය මෝස්තර නිරූපිකාවක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කටයුතු කරන්නීය.
එයින් ලැබෙන මුදලින් අඩක් ඇය පිළිකා රෝගීන් වෙනුවෙන්ද යොදවයි. ඇයගේ මව මෙන්ම ආච්චි හා සීයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේද පිළිකා හේතුවෙනි.
ක්‍රිස්ටියානා 2017 වසරේ විශ්ව රූ රැජින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති තරගයේ ජයග්‍රාහිකාවද වන්නීය.
