පියසේනට ඩග්ලස්ට තොන්ඩමාන්ට රාජ්‍ය ඇමති සැප

ඉදිරියේ දී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී රාජ්‍ය අමාත්‍ය ධුර 3ක් ලබා දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබ වූ පුත්තලම් දිස්ත‍්‍රික් සන්ධාන මන්ත‍්‍රී පි‍්‍රයංකර ජයරත්න මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීම නිසා පුරප්පාඩු වී ඇති එම ධුරය ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහිමි වූ ගාලූ දිස්ත‍්‍රික් සන්ධාන මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රී ධුර පුරප්පාඩුවට පත් කළ පියසේන ගමගේ මහතාට ලබා දීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මීට අමතරව ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාට හා ඊපීඞීපී සංවිධානයේ නායක ඩග්ලස් දේවා නන්ද මහතාට ද රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දීම කෙරෙහි ජනාධිපතිවරයාගේ හා අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බව ද වාර්තා වේ.

ශාන්ත අබේගුණවර්ධන