පොහොට්ටුව අර්බුදයක!

පොදු ජන පෙරමුණට සම්බන්ධ පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ඉල්ලා ඇති ප‍්‍රමාණයත් සමඟ ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පක්ෂයකින් අපේක්ෂකයන් අට දහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැකිය.

මෙම තත්ත්වය මත පොදු ජන පෙරමුණ සමඟ සිටින ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ආදී පක්ෂ විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා තිබීම නිසා මෙම ගැටුම මතුව ඇති බව සඳහන් වේ. ජාතික නිදහස් පෙරමුණ අපේක්ෂකයන් 800ක් පමණ ඉදිපත් කිරීමට අවස්ථාව ඉල්ලා ඇති අතර පිවිතුරු හෙළ උරුමය ද ඊට ආසන්න සංඛ්‍යාවකින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා ඇති බව වාර්තාවේ. මෙයට සමගාමීව පොදු ජන පෙරමුණට සම්බන්ධ සෙසු පක්ෂ ද ඒ ආකාරයට සිය අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඉල්ලා තිබීම නිසා දැඩි ගැටලූවකට පත්ව ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් නිදහස් පක්ෂය හා ඒකාබද්ධය එක්ව තරඟ කිරීමට පවතින බාධාව නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩු කිරීම බව මීට පෙර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම හා පවිත‍්‍රා දේවි වන්නිආරච්චි යන අය ප‍්‍රකාශ කර තිබිණි.