කෝටි 02ක මාළුවෙක් මීගමුවේ මාළු දැලක

ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට හසුව ඇතැයි වාර්තාවේ .

කිලෝ 230කටත් වඩා බරකින් යුත් මේ ටූනා මතස්‍යයාගේ වෙළදපල වටිනාකම රු⁣පියල් කෝටි දෙකත් ඉක්මවන බව සදහන් වේ.

මේ රු.කෝටි දෙකේ මතස්‍යයා රැගත් බෝට්ටුව පසුගිය 20වනරාත්‍රියේදි මිගමුව මංකුලිය ලෙල්ලම වෙත ලගාවි තිබුණි.

මේ පිළිබදව අදහස් දැක්වු මාළු ව්‍යාපාරිකයෙකු වන සංගීත් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ බහුලව හසුවන ටූනා මත්ස්‍ය විශේෂය යෙලෝ පින් ටූනා ලෙසින් හදුන්වන අතර බ්ලු ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් බවය.

සමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු කලාපය තුල දකින්නට නොලැබුනද නවසිලන්තය වැනි මුහුදු කලාපයන් හි බහුල මේ මත්ස්‍ය විශේෂය සිටි.