ජනපති සම්බන්ධයෙන් විශාල කළකිරීමක් තිබෙනවා

තමා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් විශාල කළකිරීමකින් සිටින බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඊයේ සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

“මම ඇත්තටම ජනාධිපතිතුමා සම්බන්ධයෙන් විශාල කළකිරීමක ඉන්නේ. අපි එතුමාව පත්කළේ ජීවිතය කැප කරලා. විශේෂයෙන්ම උගුල් අටවන්න නෙමෙයි. රාජපක්ෂලත් විනාශ කරලා, එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරලා 2020දී එතුමට විශා බලයක් එනවා කියලා එක ආයතනයක් අදහසක් දීලා තියෙනවා.

එතුමට මම මාසයකට කලින් කතා කරලා කිව්වා. මේක සර් දික් කරලා මෙකද කළේ. කොමිසමට දෙන්න තිබුණා තවත් මාස තුනක්. එතනින් ඉවරයි. දික් කර, දික් කර අපිට මඩ ගහන්න දෙනවා.

කෝ මිග් ගණුදෙනුවට ජනපති කොමිසමක්, කෝ ස්පෙක්ට්‍රම් වලට ජනපති කොමිසමක්, කෝ නැව් ගනුදෙනුවලට ජනපති කොමිසම්, කෝ ඇඩ්වර්ටයිසින් කොම්පැණිවලට ජනපති කොමිසම්.

විශාල කැපකිරීමක් කරලා මේ ආණ්ඩුවට පිහිටෙව්වේ. මම හැම තැනම ආණ්ඩුව ආරක්ෂා කරනවා. රවී කරුණනායක මහතා කොළඹ මගේ ලොකුම තරගකරුවා. එතුමා මා කිසිම ආකාරයකින් විවේචනය කළේ නෑ. එතුමා වරදක් කළානම් නීතිය ක්‍රියාත්මක කරයි.”

දුරකතන ඇමතුම් ලබාගැනීම සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වීය.

“බැඳුම්කර ගනුදෙනුව වංචාවක් කියලා කෝප් කමටුවේ කිසිම තැනක නෑ. ඇයි ඒක දාන්න බැරි වුණේ.

පොත ලියන්න තොරතුරු ගත්තේ අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් හා අදාළ නිලධාරීන්ගෙන්. එතුමා වැරදිනම් වැරදිකරුවෙක් කරන්න. එතුමට කතා කරන එක වැරදියිද? අපිට තොරතුරු ලබාගන්න තියෙන්නේ එච්චරයි. දෙවැනි කෝප් කමිටුවෙන් පස්සේ මහ එතුමට කතා කළෙත් නෑ.

මම අභියෝග කරනවා රහස් පොලීසියට. අපිට මඩගහනවා ඇයි දන්නේ නෑ. කොමිසම කියනවා අපේ නම් ටික හෙළි කරලා මේක අපිට වැඩක් නෑ. මේ කතාව වැදගත් වෙන්නේ නෑ. මේක අපේ මැන්ඩේට් එකේ නෑ කියලා. එහෙනම් මොකටද අපේ නම් හෙළිකරලා මඩ ගැහුවේ.

මේක එක්සත් ජාතික පක්ෂයට ඇණේ ගහන්න කළ සැලැස්මක්. විගණකාධිපති ඒ පැත්තේ. සභාපති ඒ පැත්තේ. ඩීව් ගුණසේකර මහතා ඒ කාලේ ඒ පැත්තේ. ඉන්න සභාපතිවරු දේශපාලනය භාවිත කරනවා.

එක්සත් ජාතික පක්ෂයට ගහන්න හදන්න එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුට මාව ලොකු හිසරදයක් වුණා. මට බලපෑම් කළ ආකාරය පස්සෙ වෙලාවක කියන්නම්.”