ෆේස්බුක් අලුත්ම අප්ඩේට් එක

ෆේස්බුක් කියන්නේ ඉතිං අද කාලේ ගොඩක් අයට නැතිව බැරි දෙයක්නේ.කොහේ කොතන මොනවා කරත් ෆේස්බුක් එකට ලොග් වෙලා ඉහළ පහළ යන එක දැන් හැමෝගෙම පුරුද්දක් වෙලා..

හැබැයි ඉතිං ඉස්සර වගේ නෙමෙයි..ෆේස්බුක් සමාජ ජාලයට නිතරම අලුත් විශේෂාංග එකතු වෙනවා.ඉස්සර තිබුණු සරළ ෆේස්බුක් එකට වඩා දිනෙන් දින එකතු වෙන මේ වගේ විශේෂංග නිසා සමහර වෙලාවට ෆේස්බුක් පරීශීලකයන්ට යම් යම් අපහසුතාත් සිද්ද වෙනවා.

මේ විදියට ෆේස්බුක් එකතු වුණු අලුත්ම විශේෂාංගය තමයි Explore Feed කියන්නේ.මොකක්ද මේ හැමෝම කතා කරන Explore Feed ?

සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඔබේ මිතුරු මිතුරියන් වගේම ෆේස්බුක් පිටු, ග්රූප්ස් වල පලවන දේවල් වෙනදා නම් අවේ news feed එකට .හැබැයි මේ අලුත් අප්ඩේට් එකෙන් ඒක වෙනස් වෙලා.

ඉස්සර තිබුණු news feed විශේෂාංගයට අලුතින්ම එකතු වුන අප්ඩේට් එක තමයි Explore Feed කියන්නේ.

Explore Feed එකේ විශේෂත්වය තමයි ඉස්සර ඔබ ලයික් කරලා තිබුණ පේජස් වල ඡායාරූප,වීඩියෝ news feed එකේ පෙනුනට, දැන් පෙන්නන්නේ Explore Feed එකේ විතරක් වීම.

ඒ නිසා පෞද්ගලික ගිණුම් වලින් පළවන දෙවල් විතරයි අදින් පස්සේ news feed එකේ පෙන්නන්නේ.ඔයා ලයික් කරලා තියන ෆේස්බුක් පිටු වල දේවල් බලන්න නම් අදින් පස්සේ Explore Feed එකට යන්න වෙන බව අමතක කරන්න එපා..