විවාහ වෙන්න කෝලි නිවාඩු ඉල්ලයි

ශ්‍රී ලකාව සහ ඉන්දියාව අතර ලබන නොවැම්බර් සහ දෙසැම්බර් මස පැවැත්වෙන තරගාවලියේ තරග කිහිපයකට පෞද්ගලික හේතුවක්‌ මත විරාට්‌ කෝලි නිවාඩු ඉල්ලා තිබේ.

ඉන්දියානු නායක විරාට්‌ කෝලි ලබන දෙසැම්බර් මාසයේදී අනුෂ්කා ෂර්මා සමග විවාහ ගිවිස ගැනීමට නියමිත බැවින් මෙම නිවාඩු ඉල්ලීම කර ඇතැයි විදෙස්‌ මාධ්‍ය වාර්තා කර සිටියි. ඒ අනූව ශ්‍රී ලංකාව සමග ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලිය බොහෝ විට කෝලි නිවාඩු ගන්නා අතර පළමු ටෙස්‌ට්‌ තරග දෙකට පමණක්‌ සහභාගි වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටියි.