ජගත් ජයසූරියට එරෙහිව සාක්ෂි දෙන්න සූදානම්

හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතා යුද සමයේ සිදුවූ ඇතැම් අපරාධවලට සම්බන්ධ බැවින් ඊට අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද(01) හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැදවමිනි.

හමුදාපති ධුරයේ කටයුතු කරන කාලයේ ඊට අදාළව ලැබුණු තොරතුරු තමන් සතුව පවතින බවත් ඒවා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නම් මෙලෙස සාක්ෂි දීමට සූදානම් බවත් සරත් ෆොන්සේකා මහතා පැවසී ය.