උදාවන සතියේ ලග්න පලාපල

මේෂ - ඔබේ ලග්නාධිපති කුජ සමග බුධ, සිකුරු පස්‌වැන්නේත්, රවි හයවැන්නේත්, ගුරු හත්වැන්නේත්, ශනි අටවැන්නේත්, සඳු රාහු සමඟ හතරවැන්නේත්, ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායකයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර යම් යම් ජයග්‍රහණ හිමිවේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. විවාහ මංගල යෝජනා කටයුතුවලට සුබ වේ. සතුරු කරදර වලින් ජය ලැබේ. ණය පහසුකමක්‌ ලබාගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. උත්සාහය ධෛර්යය වැඩි වේ.

රැකීරක්‍ෂා කරන ස්‌ථානවල හා ව්‍යාපාරික ස්‌ථානවල උසස්‌ අයගේ ප්‍රසාදය හා ආධාර උපකාර ලැබේ. හවුල් ව්‍යාපාර සාර්ථක වේ. සේවක පක්‍ෂයෙන් වෙනදාට වඩා සහයෝගය ලැබේ. මෙතෙක්‌ පැවති අයහපත් සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. සෙම් රෝග වලින් ප්‍රවේසම් වන්න.

සුබ වර්ණය - රෝස, සුබ අංකය - 3

වෘෂභ - ඔබේ ලග්නාධිපති සිකුරු දිග්බලව බුද, කුජ සමඟ හතරවැන්නේත්, සඳු හා රාහු දෙවැන්නේත්, රවි පස්‌වැන්නේත්, ගුරු හයවැන්නේත්, ශනි හත්වැන්නේත්, ගමන් කරමින් උදාවන මෙම සතිය උත්සාහයෙන් ප්‍රතිඵල ලැබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු බොහෝ දුරට සාර්ථක වේ. මාපියන් දූදරුවන් සමඟ සතුටින් කාලය ගතවේ. ගෘහාශ්‍රිත කර්මාන්ත, ව්‍යාපාර කරන අයට සුබඵල ලැබේ. කෘෂිකර්මාන්ත කටයුතුවලට සුබදායක වේ. කෙටි ගමන් යෙදේ. නිවාස, ඉඩම්, වාහන ගනුදෙනුවලට සුබඵලදායකයි. විනෝද කටයුතුවලට යොමුවේ.

අලුත් ව්‍යාපාර කටයුතුවලට මුදල් යෙදවීමට සුබ වේ. බිරිඳ හෝ සැමියාට එතරම් සුබ නොවේ. අවිවාහක තරුණ තරුණියන්ගේ විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට සුබයි. ප්‍රේම සම්බන්ධතාවලට සුබදායක වේ. රැකියා කටයුතු සාර්ථක වේ. දියවැඩියාව, කොලෙස්‌ටරෝල්, වැනි රෝග ඇති අය ශරීර සනීපය ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්ය.

සුබ වර්ණය - මිශ්‍ර ලා සුබ අංකය - 4

මිථුන - ඔබේ ලග්නාධිපති බුධ, කුජ, සිකුරු සමග තුන්වැන්නේත්, සඳු, රාහු සමග දෙවැන්නේත්, රවි හතර වැන්නේත්, ගුරු පස්‌වැන්නේත්, ශනි හයවැන්නේත් ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාග වලින් තරග වලින් ජය ලැබේ. උත්සාහය, ධෛර්යය ඉහළ යයි. කෙටි ගමන් බිමන් සාර්ථක වේ. ලිපි ලේඛන කටයුතුවලට සුබදායක කාලයකි. බාල සහෝදරයන්, අසල්වාසීන් සමඟ සුහඳතාව ඇති වේ. චිත්ත පීඩා, ස්‌ථානයේ ගැටලු, නීතිමය ගැටලු ඇති වීමට ඉඩකඩ ඇති වේ. දෙමාපියන්ට එතරම් සුබ නොවේ. කෘෂිකාර්මික හා ස්‌වයං රැකියාවලට තරමක බාධා ඇතිවිය හැක.

අවිවාහක අයට මංගල යෝග උදාවන කාලයකි. බිරිඳ හෝ සැමියාට සුබයි. දරුවන්ට සුබයි. ආයෝජන කටයුතුවලින් ලාභ ලැබෙන අතර හදිසි ධනයක්‌ ලැබීමට ඉඩකඩ ඇත. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට තරමක බාධා ඇති වේ. ඉවසීමෙන් කටයුතු කරන්න. සෞඛ්‍ය යහපත් වේ.

සුබ වර්ණය - ලා කොළ, සුබ අංකය - 4

කටක - ඔබේ ලග්නාධිපති සඳු, රාහු සමඟ ලග්නයේත්, බුධ, කුජ, සිකුරු සමග දෙවැන්නේත්, රවි තුන් වැන්නේත්, ගුරු හතර වැන්නේත්, ශනි පස්‌වැන්නේත්, ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. අලස නොවී අධ්‍යාපන කටයුතු කළහොත් ජයගත හැකි වේ. උත්සාහය, ධෛර්යය වැඩි වේ. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් යෙදේ. ලිපි ලේඛන කටයුතුවලට සුබ කාලයකි. බාල සහෝදරයන් හා අසල්වාසීන් අතර සම්බන්ධතා ශක්‌තිමත් වේ. ගෘහ ජීවිතය සතුටුදායකයි.

කෘෂිකාර්මික කටයුතු සාර්ථක වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට උසස්‌ අයගේ උදව් ලැබේ. දැනහැදුනුම් ප්‍රේම සබඳතා පහසුවෙන් ඇතිවන සතියකි. යුග දිවිය සතුටින් සහජීවනයෙන් පවත්වාගෙන යැමට උත්සාහ ගන්න. සෞඛ්‍ය යහපත් වේ.

සුබ වර්ණය - සුදු, සුබ අංකය - 2, 5

සිංහ - ඔබේ ලග්නාධිපති රවි දෙවැන්නේත්, බුධ, කුජ සිකුරු සමග ලග්නයේත්, ගුරු තුන්වැන්නේත්, ශනි හතරවැන්නේත්, සඳු, රාහු සමග දොළොස්‌වැන්නේත්, ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපන කටයුතුවලට සුබ වේ. තම අරමුණු, සැලසුම් සාර්ථක කර ගැනීමට වඩාත් කැප වන්න. හදිසියට තීන්දු තීරණ නොගෙන ආවේගශීලීව කටයුතු නොකරන්න. වියදම් ඉහළ යැමට පුළුවන. අන්‍යයන් සමග වචන භාවිතයේදී සැලකිලිමත් වන්න.

ගෙදර දොර හා යුග දිවියේ ගැටලු නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ආදායම් වියදම් සම තත්ත්වයෙන් පවත්වාගෙන යැමට උත්සාහ කරන්න. විදේශ ගමන්වලට සුබදායක වේ. රැකියා හා ව්‍යාපාරික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යැමට හැකි වේ. සෞඛ්‍යය යහපත් වේ.

සුබ වර්ණය - දිළෙන සුදු, සුබ අංකය 1

කන්‍යා - ඔබේ ලග්නාධිපති බුධ, කුජ, සිකුරු සමග දොළොස්‌වැන්නේත්, ශනි තුන්වැන්නේත්, ගුරු දෙවැන්නේත්, රවි ලග්නයේත්, සඳු, රාහු සමග එකොළොස්‌ වැන්නේත්, ගමන් කරමින් උදාවන මෙම සතිය තරමක්‌ සුබදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම ඉගෙනීම් කටයුතු අතපසු නොකර අධ්‍යාපනයට අදාළ කටයු= ඉටුකර ගැනීමට උත්සාහ ගන්න. සිතේ සන්සුන් බවට බාධා ඇති වන අතර හදිසි ගමන් යෙදේ. ගමන් බිමන් වලදී හදිසි අනතුරු සිදුවීමට ඉඩකඩ ඇති බැවින් වාහන පැදවීමේදී වඩාත් සැලකිලිමත් වන්න. ආදායම් තත්ත්වය යහපත් වේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. බිරිඳ හෝ සැමියාට සුබයි. අවිවාහක අයට මංගල යෝග උදාවෙයි.

ඔබේ රැකියා හෝ ව්‍යාපාරික කටයුතුවල උසස්‌වීම් දක්‌නට ලැබේ. ඔබේ නායකත්වය අන් අය අතර පිළිගැනීමට ලක්‌ වේ. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. මෙම සතිය තුළ වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න. එවිට ජයග්‍රහණය හිමි වේ. සෞඛ්‍ය යහපත් වේ.

සුබ වර්ණය - මිශ්‍ර ලා, සුබ අංකය 6

තුලා - ඔබේ ලග්නාධිපති සිකුරු බුධ, කුජ, සමඟ එකොළොස්‌වැන්නේත්. සඳු, රාහු සමඟ දස වැන්නේත්. රවි දොළොස්‌වැන්නේත්, ශනි දෙවැන්නේත්, ගුරු ලග්නයේත්, ගමන් කරමින් උදාවන මෙම සතිය එතරම් සුබදායක නොවේ. පාසල් මෙන්ම උසස්‌ අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබදායක වේ. යහපත් ගුරුවරුන්ගේ හා මිතුරන්ගේ ඇසුර ලැබේ. මෙම සතිය හදිසියට කලබලයට කටයුතු නොකර ඉවසීමෙන් කටයුතු කරන්න. විවාහ යෝජනාවලට මෙන්ම යුගදිවි කටයුතුවලට බලපා තිබුණු අවහිර බාධා ඉවත් වේ. යුග දිවි ගත කරන අය එකිනෙකාට නම්‍යශීලී වන්න.

හිතවතුන්ගේ ආශ්‍රය මෙන්ම ඒ අයගෙන් උපකාර ලැබේ. රැකීරක්‍ෂා කරන ස්‌ථානවල උසස්‌ නිලධාරීන්ගෙන් අමනාපකම්, මතභේද ඇතිවීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. තවද නීතිමය ගැටලු මෙන්ම නඩු පරාජයවීමට ද ඉඩකඩ ඇතිවීමට පුළුවන. විදේශගමන්වලට අවහිර බාධා ඇති වේ. ආගම දහමට සිත යොමුවේ. සෞඛ්‍ය යහපත් වුවත් සෙම් රෝගවලින් ප්‍රවේශම් වන්න.

සුබ වර්ණය - මිශ්‍ර ලා, සුබ අංකය -6

වෘශ්චික - ඔබේ ලග්නාධිපති කුජ, සිකුරු, බුධ සමග දසවැන්නේත්, රවි එකොළොස්‌වැන්නේත්, සඳු, රාහු සමග නමවැන්නේත්, ගුරු දොළොස්‌වැන්නේත්, ශනි ලග්නයේත්, ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගේ මතක ශක්‌තිය අඩුවන අතර අලසකම ජයගත හැකි වුවහොත් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය යහපත් වේ. උසස්‌ අධ්‍යාපන කටයුතුවලට විදේශ ගමන් යෙදේ.

වැඩිමහල් සහෝදරයන්ට සුබ වේ. යහපත් හිතවතුන්ගේ ආශ්‍රය ලැබේ. රැකියා හා ව්‍යාපාර සතුටුදායකයි. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. ආදායම් ඉහළ යන අතර වියදම් ද යෙදේ.

රැකියා නැති අයට රැකියා ලාභ හිමි වේ. නීතියේ පිහිට ලැබේ. දරුවන් ගැන සැලකිලිමත් වන්න. කෘෂිකාර්මික කටයුතුවල නිරත වන්නන්ට වාසි සැලසේ. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. සෙනසුරු ඒරාෂ්ටකයක්‌ ගත කරන බැවින් සෙනසුරු අපලයට අදාළ ශාන්ති කර්ම කරගන්න.

සුබ වර්ණය - සුදු, ක්‍රීම්, සුබ අංකය 2

ධනු - ඔබේ ලග්නාධිපති ගුරු, සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේත්, රවි දසවැන්නේත්, බුධ, කුජ, සිකුරු සමඟ නමවැන්නේත්, සඳු, රාහු අටවැන්නේත්, ශනි, දොළොස්‌වැන්නේත්, ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීමට බලවත් උත්සාහයක්‌ දැරීමට සිදුවේ. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උසස්‌ අධ්‍යාපනය සඳහා විදේශ ගතවීම්වලට සුබ වේ. ගෘහ ජීවිතය සතුටින් ගත වේ. සති මැද වන විට සිතේ සතුට සහනය ළඟා වනු ඇත. පෙම් සබඳතා හෝ මංගල යෝජනා ස්‌ථිර කර ගැනීමට හැකියාව ලැබේ. ගෙදර දොර අඩුපාඩු මගහරවා ගැනීමට හැකියාව ලැබේ. ආදායම් තත්ත්වය යහපත් වේ. පෙර පින භාග්‍යය ඇති වේ. ආගම දහමට සිත යොමු වේ.

ඔබේ නායකත්ව ගතිගුණ ප්‍රදර්ශනය වීම නිසා අන් අය අතර කැපී පෙනේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. රැකියා නැති අයට රැකියා ලාභ ලැබේ. තනතුරු වල උසස්‌වීම් දක්‌නට ලැබේ. සෞඛ්‍ය යහපත් වේ.

සුබ වර්ණය - කහ, තැඹිලි, සුබ අංකය - 5

මකර - ඔබේ ලග්නාධිපති ශනි සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේත්, ගුරු දස වැන්නේත්, බුධ, කුජ, සිකුරු සමඟ අටවැන්නේත්, රවි නමවැන්නේත්, සඳු, රාහු හත්වැන්නේත්, ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. දරුවන්ගේ සියලු අධ්‍යාපනික යටයුතු අවහිර බාධා වලින් තොරව කරගෙන යැමට හැකි වේ. උසස්‌ අධ්‍යාපනයට සුබ වේ. ගුරුවරුන්ගේ හොඳ මිතුරන්ගේ ඇසුරට ලක්‌ වේ. උසස්‌ අධ්‍යාපනයට විදෙස්‌ගත වීමට ද ඉඩ ඇත.

තරුණ තරුණියන්ගේ විවාහ යෝජනා ස්‌ථිර වේ. ගෘහ ජීවිතය යහපත් වේ. මෙතෙක්‌ පැවති මනසේ ආතතිය පහව යයි. ආර්ථිකයට බලපෑ ප්‍රශ්න ගැටලු රැසක්‌ නිරාකරණය වේ. තමාගේ රැකියා හා ව්‍යාපාරික කටයුතු ප්‍රියමනාප ලෙස කරගෙන යැමට හැකි වේ. හදිසි ධන ලාභ හෝ හිඟ වැටුප්, දිරි දීමනා වැනි දෙයක්‌ ලැබේ. විදෙස්‌ රැකියාවලට සුබ වේ. සෞඛ්‍යය යහපත් වේ.

සුබ වර්ණය - නිල්, සුබ අංකය - 7

කුම්භ - ඔබේ ලග්නාධිපති ශනි දසවැන්නේත්, ගුරු නමවැන්නේත්, රවි අටවැන්නේත්, බුධ, කුජ, සිකුරු සමඟ හත්වැන්නේත්, සඳු, රාහු හයවැන්නේත් ගමන් කරමින් උදාවන මෙම සතිය ආත්ම විශ්වාසයෙන් එදිනෙදා කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහ කරන්න. අධ්‍යාපනය ලබන දරුවන්ට සිය අධ්‍යාපනික කටයුතුවලට යම් තරමක අවහිර බාධා ඇතිවිය හැක. පොත පතට වැඩි වශයෙන් සිත යොමු කරන්න. විවාහ දිවියේ ගැටලු ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. වන්දනා ගමන් යෙදේ.

සේවක සහයෝගය ලැබෙන බැවින් රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහ ගන්න. උසස්‌ අය සමඟ කටයුතු කරන විට දූරදර්ශී වෙන්න. නීතිමය ගැටලුවලට මැදිහත් නොවීමට වගබලා ගන්න. ශරීර සෞඛ්‍ය තරමක්‌ යහපත් වේ. උෂ්ණ රෝග ඇති වේ.

සුබ වර්ණය - නිල්, සුබ අංකය - 7

මීන - ඔබේ ලග්නාධිපති ගුරු අටවැන්නේත්, ශනි නමවැන්නේත්, රවි හත්වැන්නේත්, බුධ, කුජ සිකුරු සමඟ හයවැන්නේත්, සඳු, රාහු පස්‌වැන්නේත් ගමන් කරමින් උදාවන මෙම සතිය යහපත් කර ගැනීමට මංපෙත් විවර කර ගන්න. අධ්‍යාපන කටයුතුවල නිරත දරුවන්ට සුබදායක වේ. සතුරු කරදර ජය ගනී. ඔබට දැඩි අවිවේකී බවක්‌ ඇතිවීමට කරුණු යෙදේ. බිරිඳ හෝ සැමියාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.

හවුල් ව්‍යාපාර කිරීමේදී සැලකිලිමත් වන්න. ණය පහසුකමක්‌ ලබාගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. රැකියා හෝ ව්‍යාපාර අංශවල බාධා ඇතිවීමට ඉඩකඩ ඇති වේ. සෞඛ්‍යය තත්ත්වය ගැන වඩා සැලකිලිමත් වන්න. දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැනි රෝග ඇති ශරීර සෞඛ්‍යය ගැන වඩාත් සැලකිලිමත් වන්න.

සුබ වර්ණය - කහ, තැඹිලි, සුබ අංකය - 5

Ö අජන්තා ඒකනායක