ලග්න හතකට සුබම සුබයි

නවග්‍රහයන් අතරින් ග්‍රහලොව සුරතලිය නැතහොත් සුකුමාලිය ලෙස හඳුන්වන ශූක්‍ර නොහොත් සිකුරු ග්‍රහයා හිරුගේ රන්වන් වූ කුමරියයි. එවන් වූ සිකුරු ග්‍රහයා ක්‍රි.ව. 2017 වූ සැප්තැම්බර් මස 15 වැනි සිකුරාදා දින උදේ 10.33 ට කටක රාශියේ සිට තමාට තවත් සතුරු රාශියක්‌ වූ රවි හිමි සිංහ රාශියට පිවිසෙනු ඇත.

සිකුරු යනු නවග්‍රහයන් අතරින් ගුරුට පසුව සිටින සුබම සුබ ස්‌ත්‍රී කාරක ග්‍රහයාය. මෙම ග්‍රහ මාරුව සමඟින් ලග්න 12 අතරින් වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, ධනු හා කුම්භ යන ලග්න 7 ට සුබ ප්‍රතිඵල උදාවන අතර මේෂ, මිථුන, කන්‍යා, මකර, මීන යන ලග්නවලට මෙම ග්‍රහ මාරුව එතරම් සුබදායක නොවනු ඇත. මෙම ග්‍රහ චලිතයතA සමඟින් සිකුරු 2017 ඔක්‌තෝම්බර් 09 වැනිදා දක්‌වා සිංහ රාශියේ ග්‍රහ ගමනේ යෙදෙනු ඇත.

ග්‍රහලොව රජු වන රවි හෙවත් සූර්යයා ගේ සිංහ රාශියේ ගෝචර වන මෙම සිකුරු ග්‍රහ මාරුව හේතුකොට ගෙන මසකට ආසන්න ඉදිරිs කාලසීමාව තුළ රටෙහි ධාන්‍ය හා ආහාර සම්පත්වල හිඟයක්‌ ඇති වනු ඇත. එසේම වැසි තත්ත්වයේ වර්ධනයක්‌ වන අතර, ගං වතුර, නායයැම් හා කාලගුණ වෙනස්‌කම් බහුලව සිදු වනු ඇත. විශේෂයෙන් නඵ නිළියන් හා ස්‌ත්‍රීන්ට මෙම කාලසීමාව සුබදායක නැත. තරුණ තරුණියන් අතර නොගැළපෙන සම්බන්ධතා බහුලව ඇති වේ. විවාහ ආශ්‍රිත ගැටලු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්‌ඩ සම්බන්ධ කටයුතුවලට මෙම ග්‍රහ මාරුව ආශ්‍රිත කාලය සුබදායක නැත. රටට ලැබෙන විදෙස්‌ ආයෝජනවල අඩු වීමක්‌ මෙම කාලසීමාව තුළ ඇති වේ.

පොදුවේ ලග්න වශයෙන් ගත් කළ සිකුරු සිංහයට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදාවනු ඇත.

මේෂ

මෙම කාලයේ නෑයෙක්‌ හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක්‌ අසීරුතා මධ්‍යයේ ලැබෙයි. අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වනු ඇත. කාර්යබහුල කාලයකි. සහෝදරයන්ට අසුබ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්‌විය හැකිය. සහෝදරයන්ට අසුබ වෙයි. දරුඵල සඳහා නම් එතරම් යහපත් නැත.

වෘෂභ

අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. ඒ සම්බන්ධ කටයුතුවල සාර්ථක තත්ත්ව ඇති වනු ඇත. දරුඵල බලාපොරොත්තු අයට සුබදායක තත්ත්වයන් උදා වේ. පපුවේ සෙම් අමාරු වැනි රෝගාබාධ ඇතිවිය හැකිය. යුගදිවි සමගියට බාධා ඇති වනු ඇත. අධ්‍යාපන අංශවලට යහපත් කාලයකි.

මිථුන

ධන හානි ඇතිවන කාලයකි. මුහුණේ රෝගාබාධ ඇතිවනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. විදේශ ගමන්වලට එක්‌විය නොහැකිය. යම් පමණක පවුල් ජීවිතය තුළ ගැටුම් ඇතිවන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. නමුත්a එයින් ප්‍රබල ගැටලු මතුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය අයහපත්ය.

කටක

ඔබගේ පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් වැය කිරීමට සිදු වනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණකට ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතු නම් මේ කාලයේ අසාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි.

සිංහ

ගෘහ හා විවාහ ජීවිතයේ යහපත මෙම කාලසීමාව තුළ උදාවනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට යහපත් වූ කාලයකි. සහෝදරයෙකුට අපලතාවක්‌ පෙනේ. ශරීර සැප ලැ‚ම හා ධන ලාභ ඇතිවීමට ඉඩ ඇත. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

කන්‍යා

වැය පක්‌ෂය ඉහළ යන අය පක්‌ෂය පහළ යන කාලයකි. මෙතෙක්‌ කාලයක්‌ අඩාලව පැවති යම් යම් කාරණා ඉටුවන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයකුට ඊට අපලතාවක්‌ පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත අයට අසුබදායක වනු ඇත. ධන හානි හා පවුල් ජීවිතයේ බාධාකාරී තත්ත්ව ඇති වේ.

තුලා

සතුරු කරදරයකින් ජයගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලැ‚මට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වේ. අසනීපවලින් යම් සුවයක්‌ අත්වේ. ගෘහ ජීවිතය තුළ වැය පක්‌ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක්‌ දක්‌නට ලැබේ. උසස්‌ කෙනෙකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බාධා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන් ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇතිවිය හැකිය.

වෘශ්චික

හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවනතාවක්‌ ඇත. රෙදිපිළි හා වස්‌තු ලාභ ලැබෙන කාලයකි. රැකියා අංශ වල උසස්‌වීම් හා මාරු ඇති විය හැකිය. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්‌ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාරද ලැබීමේ හැකියාව පවතී.

ධනු

උසස්‌ අධ්‍යාපනයට යහපත් වූ කාලසීමාවකි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌වීමක්‌ද හිමි වීමට ඉඩ තියෙනවා. දරුවන් නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමි වේ. ආගමට දහමට නැඹුරුවන කාලයකි.

මකර

සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගා බාධ හට ගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියාවල නිරත වන්නන්ට සුබ දායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය.

කුම්භ

රැකියාවේ උසස්‌ වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේ දී සිත යොමු වේ. මංගල යෝග උදාවන කාලයකි. ස්‌ත්‍රී දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි.

මීන

මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥතීන් සමඟ මතභේදවලට හේතුවනු ඇත. පවුල් ජීවිතය යහපත් නමුත් ඒ සඳහා ප්‍රබල බාධා එල්ල වනු ඇත. සතුරු කරදර ඇතිවන අතර රෝග පීඩා හා අස්‌ථාන බිය ඇති වනු ඇත. ඇස්‌ රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේ දී තම ශරීර සෞඛ්‍යය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්.

සැ. යු.

ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගතවන මහ දශා හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.