ප්‍රසන්න ඇතුළු 06කට වරෙන්තු

මහින්ද පිලේ මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු 06දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (18) නියෝග කර තිබේ.

ඒ පූගොඩ අධිකරණයේ විභාගවන නඩුවට පෙනී නොසිටීම හේතුවෙනි.

ඔවුන් හය දෙනාගේ ඇපකරුවන්ටද අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇත.