හැරගිය අය ගෙන්වන අපූරු ගුරුකමක්‌

තම ස්‌වාමියා හෝ බිරිඳ තමන් හැර ගියා නම් එසේත් නැතිනම් පෙම්වතා, පෙම්වතිය තමා අපහසුතාවකට පත්කර හැරගියා නම් තමන් සන්තකයට ගෙන්වා ගැනීමට අපූරු ගුරුකමක්‌ කළ හැකිය. මෙම ගුරුකම පරම්පරාගත ගුරුකමකි. මෙහි සත්‍යතාවය පිළිබඳව බොහෝ අත්දැකීම් ඇත. සියලු මන්ත්‍ර විධි නිමවෙමින් ශාස්‌ත්‍රානුකූලව මෙය කළහොත් ඒකාන්ත ප්‍රතිඵල ලැබෙනවාමයි. එය අත්දැකීමෙන් ලබනවා මිස විස්‌තර කළ නොහැක.

විශේෂයෙන් මෙය සිදුකළ යුත්තේ දේව මණ්‌ඩපයක්‌ තුළය. සූනියම් දෙවිඳුට හා කතරගම දෙවිඳුට දිනපතා පුද සත්කාර කරන ස්‌ථානයක්‌ තෝaරාගත යුතුය. නොකඩවා දින 07 ක්‌ මෙය සිදුකළ යුතුවේ. පුර පක්‌ෂයේaaa කෙම්මුර දිනයක්‌ තෝරා ගත හොත් ප්‍රතිඵලය ඉක්‌මන් වේ. පිටුපා හෝ ඔබව හැරගිය ස්‌ත්‍රිය හෝ පුරුෂයා කුමන අයෙකුගේ හෝ රූපය මී ඉටියෙන් සාදා දෙහි කටු නමයක්‌ ගෙන හිස මුදුනට එකයි, කන් දෙකට දෙකයි, ඇස්‌ වට දෙකට දෙකයි, පපුවට එකයි, අත් දෙකට දෙකයි, ලිගුවට එකයි ගසා දිෂ්ටි ප්‍රාණ පලිප්පු සහිතව මල් බුලත් තටුව සාදා රිදී පඬුරක්‌, බුලත්, උක්‌ ගස්‌, කෙසෙල්, සමන් පිච්ච මල්, පොල්, තැඹිලි සහිතව පිරිපුන් යහන මත තබා පළමුව සූනියම් දෙවිඳුට දින 07 ක්‌ද, දෙවනුව කතරගම දෙවිඳුට දින 07 ක්‌ද පහත මන්ත්‍රය දිනපතා 1008 වර බැගින් කියා කන්නලව් කර පොල් ගෙඩිය බැගින් බිඳ රූපයට දුම් අල්ලන්න.

මන්ත්‍රය

ඕං හෝං හෝaං කාම් සුකොම්

රතීකාම් මදනකාම් කාම සුන්දරි

පුලුටුකාම් ලේකම් මෙකී යක්‌ෂණියන්

සත් දෙනා කාම බන්ධනයකට සිරකර

තබන කලු යක්‌ෂයා නම් දේවතාවුන්

වහන්ස සත් මුහුදකට එපිටින් කිරි

මුහුද මැද්දේ කලුගල් පර්වතේ කලුනික

වෘක්‌ෂයේaa බස්‌නාහිර අත්තේ වැසී

සුරංගනාවියන් කැපගත් ආනුභාවෙන්

ආඥවෙන් අදත්....... (හැරගිය අයගේ නම)

නම ඇති අය (ස්‌ත්‍රිය හෝ පුරුෂයා)

කෙරෙහි මදන විකාරයෙන් ආලය ඇති වී....

(ස්‌ත්‍රිය හෝ පුරුෂයා) ළඟට එන්ට

කලු යක්‌ෂයා නම් දේවතාවුන් වහන්සේගෙන්

වරමි.

සියලු මන්ත්‍ර විධි අනුගමනය කළ යුතු අතර, ඇදුරු ආරක්‌ෂාව හා පුද පිළිවෙත් අනිවාර්ය වේ.

වැඩි විස්‌තර සඳහා 078-6107052 අංකයට අමතන්න.
කේ. එස්‌. යෝදින්ගේ