පළමු තරගයෙන් ඉන්දියාවට පහසු ජයක්

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දී්‍ය කණ්ඩායම අද (20දා) සමත්විය. ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 216ක ඉලක්කය පන්දුවාර 28.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යෑමට ඉන්දීය කණ්ඩායම සමත්විය. දැවී ගිය එකම ක්‍රීඩකයා වූ රෝහිත් ශර්මා ලකුණු 4කට දුවද්දී දැවී යෑමකට හසුවිය.

ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 23ක් ලෙස සටහන් වූ අතර පසුව නායක විරාත් කෝලි හා ආරම්භක පිතිකරු ශිකර් දවාන් දෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 197ක සබඳතාවක් පවත්වමින් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. විරාත් නොදැවී ලකුණු 82ක් රැස්කළ අතර සිය එක්දින දිවියේ 11 වැනි ශකය රැස්කළ ශිකර් දවාන් ලකුණු 132 නොදැවී රැස්කළේය.