තෙවරප්පෙරුම බලෙන් මගුලකට පනී...[Video]

අද දහවල් මතුගම ප‍්‍රදේශයේ හෝටලයක පැවති මංගල සාදයකට අනාරාධිතව පැමිණ ඇති නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා මහා ගාලගොට්ටියක් ඇති කරගෙන තිබේ.සාදයේදී මත්පැනින්ද සප්පායම් වී ඇති නියෝජ්‍ය ඇමතිවරයා විවිධ දේශපාලන විවාදවල යෙදී ඇති අතර උණුසුම් වූ අවස්ථාවක එහි සිටි කාන්තාවකට පහර දෙන්නට පැන ඇත.

එහිදී එහි සිටි අනෙක් පිරිස නියෝජ්‍ය ඇමතිවරයා සමග බහින් බස් වී ඇති අතර ඇතැමෙක් ඇමතිවරයාට පහර දී ඇත.

පසුව එතැනින් ඔහු ඉවත්ව ගියද ඔහුගේ ආධාකරුවන් මනාලයා හා මනාලියගේ නිවස වටකර කෑකෝගසමින් තර්ජනය කරමින් බොහෝ වේලාවක් ගැවසුනු පසු පොලීසිය පැමිණ පිරිස විසරුවා හැර ඇත.