විජයදාස පැරදුණොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි

විජයදාස රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් එ්කාබද්ධ විපක්ෂය දරන මතයේම සිටීම හේතුවෙන් එ් මහතාට එක්සත් ජාතික පක්ෂය ඇතුළේම සටනක නිරත වන්නට සිදුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එ් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවකදී සිය සහයෝගය ඊට හිමි නොවන බවත් විජයදාස රාජපක්ෂ යනු සිය ගමේ මිනිසෙක් යැයිද එ් මහතා සඳහන් කළේය.

ජනතා අධිකරණය ඉදිරියේ වරදකරුවකු වී ඉල්ලා අස්වීමට සිදුවූ රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ කතා පැවැත්වූ පමණින් වීරයකු වන්නේ නැතැයිද ස`දහන් කළ හිටපු ජනාධිපතිවරයා නීතිඥවරයකු වශයෙන් උපදෙසක් දීම සම්බන්ධයෙන් සැකපහළ වීම හේතුවෙන් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ තිලක් මාරපන මහතා මේ අයුරින් පාර්ලිමේන්තුවේ වීරයෙක් වීමට කතා පැවැත්වූයේවත් අස්වීමෙන් පසුව වීරයකු ලෙස පිළිගත්තේවත් නැතැයිද පෙන්වා දුන්නේය.

”තිලක් මාරපන ඉල්ලා අස්වුණා. එයා අස්වුණේ නීතිඥයෙක් විදියට දීපු උපදෙසක් හින්දයි. නීතිඥයෝ වුණාම උපදෙස් දෙනවා. හැබැයි ඒක ගැන සැක කළාම, ඒක හරිද නැද්ද කියලා මතයක් ආපු ගමන් මාරපන මහත්තයා මහත්තයෙක් විදියට ඉල්ලා අස්වුණා. පාර්ලිමේන්තුවේ කතා පැවැත්තුවද? අස්වුණාට පස්සේ මහා වීරයෙක් කියලා පිළිගත්තද? මොනවත් නැහැ.

එක ඇමැති කෙනෙක් කියනවා මගේ විදේශ බැංකුවල ඇමෙරිකානු ඩොලර් මිලියන දාහක් තියෙනවලූ. ඩොලර් මිලියන දාහට රුපියල් කීයක් තියෙනවද කියලා බලන්න ඒ ගාණ 154න් වැඩි කරන්න ඕනේ. තව කෙනෙක් කියනවා නාමල්ගේ නමට ඩොලර් මිලියන 250ක් තියෙනවලූ. එහෙම නම් මගේ ඔය තියෙනවයි කියන සල්ලි ටික අරගෙන වරාය විකුණන්නෙ නැතුව ඉන්න එපැයි. මගේ සල්ලි මම නිකම් දෙන්නම්.

ඇත්ත වශයෙන්ම මාරපන මහත්තයයි වීරයෙක් කියලා පිළිගන්න ඕනේ. මෙයා නෙමෙයි. මෙයාට සිද්ධ වුණා ජනතා මතයට හිස නමන්න. ජනතා අධිකරණයෙන් වැරැුදිකාරයෙක් වුණා. දක්ෂ නීතිඥ මහත්තුරු උපදෙස් දුන්න හින්දා මෙයා බෝලේ පාස් කළා. ඒ හින්ද කිව්වා මම දන්නෙත් නැහැ. මට මතකවත් නැහැ කියලා. ස්වාමියාට විරුද්ධව භාර්යාව සාක්ෂියට ගේන්න බැහැනේ.

රන්මලී සෝමසිරි