නීතිඥවරු රන්ජන්ට නඩු පවරයි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.

ඒ, පසුගියදා නියෝජ්‍ය ඇමතිවරයා නීතිඥවරුන් හා විනිසුරුවරුන් විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.