හිටපු අමාත්‍ය AHM අශ්වර් සමුගනියි

හිටුපු අමාත්‍ය ඒ.එච්.එම්. අශ්වර් මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඊයේ (29දා) කොළඹ පෞද්ගලික රෝහලකදී ඔහු මිය යන විට 80 වැනි වියේ පසුවිය.

හිටපු අමාත්‍යවරයා සති කිහිපයක පටන් එම රෝහලෙ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. අංක4, භාතිය මාවත, දෙහිවල ලිපිනයේ ඔහුගේ සිරුර තැන්පත් කර ඇත.ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය සමගත් දේශපාලනයේ නිරත විය.