බෞද්ධ කොඩි සාරිට විරෝධය

සීනිගම දේවාලයේ වාර්ෂිකව පවත්වන පෙරහර උත්සවයේදී දිවා පෙරහරේ භාරකරු පිටුපසින් ගමන් කරන තරුණ කාන්තාවන් පිරිසක් බෞද්ධ කොඩියේ අනුරුවට අනුව සකස් කරගත් සාරි පැළද ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධතාව නිසා නතර වූ බව ප්‍රදේශවාසීහු පවසති.
දේවාලයේ 50වන සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයේදී 26 වැනි දින පැවති දහවල් පෙරහරේ ගමන්කරන භාරකාරයා පිටුපසින් ගමන් කරන කාන්තාවන්ට බෞද්ධ කොඩියේ අනුරුවට අනුව සකස් කරන ලද සාරි පැළද දේවාල භූමියෙන් එළියට යෑමට සූදානම් වූ අවස්ථාවේ පෙරහර නැරඹීමට පැමිණි ජනතාව ඊට බලවත් අප්‍රසාදය පල කිරීම නිසා එම සාරි ඉවත් කිරීමට සිදු වූ බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පැවසූහ. බෞද්ධ කොඩියේ අනුරුවට සමාන සාරි සකස් කරගත් කාන්තාවන් පෙරහරේ ගෙන යෑමට කටයුතු භාරකාරයා ඇතුළු සංවිධායකයන් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ප්‍රදේශවාසීහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.