ලෝකයේ දිගම පූසා ඔස්ට්‍රේලියාවෙන්?

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් ඕමාර් නම් පූසෙකු ලෝකයේ දිගම පූසාට හිමි වාර්තාවට හිමිකම් කියනු ඇත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පිරිමි සතෙකු වන මෙම පූසා 2013 වසරේදී ස්ටේෆී හිර්ස්ට් විසින් සිය නිවසට ගෙන යන විට අනෙකුත් පූසන් හා සම තත්වයේ පසුව තිබේ.

Main Coon වර්ගයට අයත් ඕමාර්ගේ දිග මේ වන විට මීටර් 1.2ක් වන අතර ඔහුගේ බර කිලෝ ග්‍රෑම් 14කි.

මේ වන විට ලෝකයේ දිගම පූසාට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ බටහිර යොක්ෂර්හි වෙසන මීටර්1.18ක් දික පූසෙකි. ඔහුත් Main Coon වර්ගයට අයත් වෙයි.

ඕමාර්ගේ විස්තර මේ වන විට ගිනස්වාර්තා කමිටුවෙන්ද ලබාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.