හිස් දෙකක් සහිතව දරු උපතක්

ඉන්දියාවේ මවකට හිස් දෙකක් සහිතව දරුවෙකු ඉපිද තිබේ. ඉන් එක් දරුවෙකු පරපෝෂිතයෙකු වශයෙන් ඉපිද ඇති අතර, එයට අතිරේක අතක්ද තිබී ඇත. පරපෝෂිත දරුවා ප්‍රධාන දරුවාගේ උදරයෙන් සම්බන්ධ වී තිබිණි.

කෙසේ වෙතත් ඉන්දියාවේදීම කළ සාර්ථක සැත්කමකින් පසුව පරපෝෂිත දරුවා ඉවත්කර අනෙක් දරුවා බේරාගෙන තිබේ.

එම දරුවා ගැහැනු දරුවෙකු වන අතර, සැත්කම සඳහා පැය හතරක කාලයක් ගතව තිබේ. ජයිපූර්හි ජේ.කේ. ලෝන් රෝහලේදී සැත්කම සිදුකර ඇත්තේ කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරවය.

දියණියගේ දිවිය ආරක්ෂා කරගැනීම සඳහා ලේ ලබාදීම මෙන්ම ඉතාමත් වැදගත් පෝෂ්‍යදායී දෑ ලබාදීම වැදගත් බව ශල්‍ය වෛද්‍යවරුන් පවසා තිබේ.

පරපෝෂිත දරුවාට ඇස් හෝ කන් තිබී නොමැති අතර, 21 හැවැරිදි මවක මෙම දරු ප්‍රසූතිය සිදුකර තිබේ.

ඇය ගර්භිණී කාලයේදි අසාමාන්‍ය වේදනාවකින් පෙළීමෙන් පසුව කරනු ලැබූ පරීක්ෂණවලදී මෙය හඳුනා ගෙන තිබූ අතර, මෙවැනි උපතක් මිලියනයකට එකක් සිදුවන බව සඳහන්ය.

ඇයගේ 24 වැනි වියේ පසුවූ ස්වාමි පුරුෂයා පවසා ඇත්තේ මූලිකත්වය බිරිඳට හිමිවිය යුතු බවත්, දරුවාගේ ජිවිතය දෙවැනියට පත්විය යුතු බවත්ය. ඔවුන් දෙදෙනාම විශ්වාස කර ඇත්තේ තම පළමු දරුවාගේ ජීවිතය අහිමි වෙනු ඇති බවයි.

කෙසේවෙතත් තම පළමු දරුවාගේ දිවිය ආරක්ෂා කරදීමට වෛද්‍යවරු සමත්වූහ.