සිරිකොතේ අලියාට වෙඩි තබයි

පිටකෝට්ටේ පිහිටි එජාප පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට සවිකර ඇති එම පක්‍ෂයේ ලාංඡනය වන අලියාට වෙඩි තබා පලා ගිය පොලිස් කොස්තාපල්වරයකු මිරිහාන මූලස්ථාන පොලිසිය මඟින් ඊයේ (01දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන මූලස්ථාන පොලිසියට අනුයුක්ත මෙම පොලිස් කොස්තාපල්වරයා නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිටකෝට්ටේ පිහිටි නිවෙසෙහි ආරක්‍ෂක රාජකාරි සඳහා යමින් සිටියදී මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බවද පොලිසිය පවසයි.

ටී 56 වර්ගයේ සිය රාජකාරි ගිනි අවියෙන් ලෝහ වර්ගයකින් තනා ඇති එම අලියාට කොස්තාපල්වරයා වෙඩි ප්‍රහාර දෙකක් තබා ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.