අසැබි චිත‍්‍රපට බැලු අයියාට නංගි අමතක වෙයි

සිය නැගණිය අපයෝජනය කිරීමට උත්සාහ කළ පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර සිසුවා නිවසේදී අසභ්‍ය චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වී ඇති අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම 14 හැවිරිදි සිසුවා බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කර තිබෙනවා.

පරිවාස වාර්තා කැඳවන තෙක් ඔහු නිවසින් පිට වෙනත් ස්ථානයක රඳවා තබන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

නිවසේ කිසිවකු නොමැති අවස්ථාවල සැකකාර සිසුවා අසභ්‍ය දර්ශණ සහිත වීඩියෝ නැරඹීමට පුරුදු වී සිට ඇතැයි ප්‍රශ්ණ කිරීම්වලදී හෙළිකරගෙන තිබෙනවා.

ඒ අනුව සිසුවා සිය නැගණිය අපයෝජනය කිරීමට උත්සාහ දරා ඇති අතර එය අසල්වාසියෙකු දැක දැරිය බේරාගෙන ඔවුන්ගේ පියා දැනුවත් කර ඇතැයි සඳහන්.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට මේ පිළිබඳ ලැබුනු පැමිණිල්ලක් මත සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනුනා.

සිසුවාගේ දෙමව්පියන්ට මහේස්ත්‍රාත්වරයා අවවාද කර ඇත්තේ මව් පියන් වශයෙන් දරුවන් පිළිබඳ සොයා බැලීම වගකීමෙන් සිදු කළ යුතු වන අතර යළිත් මෙවැනි කටයුතු සිදුවීමට ඉඩ නොතබන ලෙසටයි.