අධික හිරු එළියෙන් ඇස් රැකගන්න

උත්සව සමයේ වෛරස් රෝග පැතිරීමේ අවදානමක් පවතින බැවින් එය වැළැක්වීම සඳහා අවධානයෙන් කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යාඥ අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශ පෙන්වා දෙන්නේ විශේෂයෙන් උත්සව සමයේ කඩසාප්පු සහ වීථිවල ජනාකීර්ණ බව මෙම තත්ත්වයට හේතුවක් බවයි.

එමෙන්ම උත්සව සමය නිමිත්තෙන් ගම්බිම් බලා යන පිරිස් රැගෙන යන ප්‍රවාහන සේවාවන් හිදී ද මෙලෙස ඉන්ෆ්ලූවෙන්සා වැනි වෛරස් රෝග පහසුවෙන් පැතිරීමේ අවදානමක් පවතියි.

විශේෂයෙන් බෝවන රෝගවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින කාණ්ඩ මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.

ඉන්ෆ්ලූවෙන්සා වෛරස් රෝගය සඳහා භාවිත කරන ඖෂධ වර්ග සඳහා වන ඉල්ලූමද මේ වනවිට දස ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන සඳහන් කළේ ඉන්ෆ්ලූවෙන්සා රෝගයට පවතින අනියත බිය හේතුවෙන් එලෙස එම ඖෂධ භාවිතය ඉහළ ගොස් ඇති බවයි.

එහෙත් අදාළ රෝගය සඳහා ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් පමණක් එම ඖෂධ භාවිත කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ දිනවල පවතින අධික හිරු රශ්මියත් සමඟ ඇස්වලට ඇති වන බලපෑම අවම කිරීම සඳහා පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.