පියා නිසා පුතා ඇමති තනතුර අත්හරියි

මධ්‍යම පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සිය පියා එනම් දඹුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සංවිධායක මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමිනි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (25දා) ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර නව සම ආසන සංවිධායකවරු දෙදෙනෙක් පත්කළේය.