උණුසුම් කාලගුණය මැයි මුල තෙක්‌

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ලබන මස මුල් සතිය වනතෙක්‌ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා ඊයේ (18 වැනිදා) පැවැසීය.

නිරිත දිග මෝසම් සුළං මෙම මස අග වන විට සක්‍රිය වනු ඇති බවත් ඒ සමඟ මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පහව යනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

අප රටට සූර්යයා මුදුන්ව පැවැතීම, සවස්‌ භාගයේ ඇද හැළීමට නියමිතව තිබූ වැසි නොවැටීම, ඉහළ අහසේ වළාකුළු අඩුවීම සහ සුළං අඩුවීම මෙම උණුසුම් කාලගුණ තත්ත්වයට හේතුවී ඇතැයි ද ලලිත් චන්ද්‍රපාල මහතා වැඩිදුරටත්  පැවැසීය.
Related Posts Plugin for WordPress, Blogger...