ආර්ථික වර්ධනය 4.4% ට අඩුවේ

ගිය වසරේ (2016) ආර්ථික වර්ධනය සියයට 4.4 ක්‌ දක්‌වා අඩුවී ඇත. 2015 වසරේ ආර්ථික වර්ධනය සියයට 4.8 ක්‌ විය.

සියයට 4.4 ක මේ ආර්ථික වර්ධනය සඳහා කර්මාන්ත අංශය සියයට 6.7 කින් සහ සේවා අංශය සියයට 4.2 කින් දායක වී ඇති අතර කෘෂිකර්ම අංශය සියයට 4.2 කින් පසුබෑමට ලක්‌වී තිබේ.

මේ අතර මේ වසරේ (2017) ආර්ථිකය සියයට 5 ත් 5.5 ත් අතර අගයකින් වර්ධනය වනු ඇතැයි මහ බැංකුව විසින් පුරෝකථනය කර ඇත.