වසන්ත ඔබේසේකරයන් අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඔබේසේකර මහතා මිය යනවිට 80 වැනි වියේ පසු විය.

වෙස්ගත්තෝ සිනමා නිර්මාණයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසුණු ඔබේසේකර මහතා පලගැටියෝ, දඩයම, සත් සමුදුර, කැඩපතක ඡායා ඇතුළු චිත්‍රපට 13ක් අධ්‍යක්ෂණය කර ඇති අතර ඔහු කෘතහස්ථ තිර නාටක රචකයෙක්ද වේ.