Loading...

මාලිංගට උපහාර දෙන උත්සවයට සනත්ට ආරාධනාවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ප්‍රධාන කණ්ඩායමක් බවට පත්ව තිබෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම එහි සුවිශේෂී ක්‍රීඩකයන් 3 දෙනෙකුට උපහාර දැක්වීමට තීරණය කර තිබේ.

2008 වසරේ ආරම්භ කළ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 10 වැනි අදියර මෙවර පැවැත්වීමට නියමිතය. ආරම්භයේ පටන් මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේ සාමාජිකයන් වූ ක්‍රීඩකයන් 3 දෙනෙකුට මෙහිදී උපහාර පිරිනැමීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් හා හර්බජාන් සිං එම ක්‍රීඩයෝ වෙති

මුම්බායිහි පිහිටා ඇති මුකේෂ් හා නිටා අම්බානිගේ නිවසේදී මෙම උපහාර උත්සවය පැවැත්වෙන අතර එයට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටද ආරාධනා කර තිබේ.

අනිල් කුම්බ්ලේ,ෂෝන් පොලොක්, සනත් ජයසූරිය, රිකී පොන්ටින් යන ක්‍රීඩකයන්ට මෙහිදී ආරාධනා කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරීන්, මුම්බායි ක්‍රිකට් සංගමයේ නිලධාරීන්, බොලිවුඩයේ නළු නිළියන් කිහිප දෙනෙකුටද මෙම උත්සවයට ආරාධනා කර තිබේ.
Related Posts Plugin for WordPress, Blogger...