බංග්ලාදේශ කි‍්‍රකට් නායකයාට තරග තහනමක්

බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායක මෂ්රෆි මොටාෂා හට එක්දින තරගයක තහනමක් පනවා තිබෙනවා.

එ් ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබා ගැනීම හේතුවෙන්.

එක්දින තරග දෙකකදී ඔහු මෙම චෝදනාවට ලක්වීම හේතුවෙන් තරගයක තහනමක් පැනවීමට තිරණය කර තිබෙනවා.

මීට අමතරව තරග මුදලින් සියයට 40ක දඩයක්ද පැනවීමටයි අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේ.

මේ අතර ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගි වන බංග්ලාදේශ සංචිතය නම්කර තිබෙනවා.

එ් සඳහා මෙතෙක් ජාත්‍යන්තර කි‍්‍රකට් වරම් දිනා නොගත් විසි හැවිරිදි නවක කී‍්‍රඩකයෙකුද සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ පළමු විස්ස විස්ස තරගය ලබන අඟහරුවාදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.