ධාවනය වෙමින් තිබූ බස රථයේ රෝදය ගැලවී යයි

මහනුවර සිට හැටන් බලා ධාවනය වු පෞද්ගලික මගි ප්‍රවාහන බස් රථයක රෝදය ගලහ මංහන්දියේ දී ඊයේ (14) ගැලවී ගියේය.

රෝදය ගැලවී ගියත් බසය මීටර් 50ක් පමණ දුරට ගොස් නැවතී තිබේ. එම අනතුරින් කිසිවකුටත් හානියක් වී නොමැති.

අනතුර සිදුවන අවස්ථාවේ සයිටම් විරෝධි සිසුහු ආහාර අනුභවය කරමින් සිටියහ. එහිදී සයිටම් විරෝධයේ යෙදී සිටි සිසුහුබස් රථයේ මගීන්ට සංග්‍රහයක්ද කළහ.