මාලිංගා IPL ඉතිහාසයේ වටිනාම සුපිරි ක්‍රීඩකයා වෙයි

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වටිනාම ක‍්‍රිඩකයා බවට තේරී පත්ව ඇත.

ඉන්දීය වෙබ් අඩවියක් මගින් සිදු කර ඇති එම වර්ගීකරණය සිදු කර ඇත.

ලසිත් මාලිංග විශේෂිත ඝනයේ වේග පන්දු යවන්නෙකි. ඔහුට ඇත්තේ දුර්ලභ අත කරකවා පන්දු යැවීමේ විලාසයකි.
ඔහු ඉතා තියුණු ලෙස යොමු කරන පන්දුව බොහෝ විට හඳුනා ගත නොහැකි වන්නේ ඔහුගේ අත කරකැවීමේ විලාසය නිසාය. එලෙසම ඔහුට ඉතා භයානක ලෙස දෝලනය වන යෝකර් පන්දු විලාසයක් ඇත. එය පන්දුවට පහර දෙන්නා නොගත හොත් ඔහුගේ කකුල් පොඩි කර දමන අන්දමේ තියුණු බව ඇති පන්දුවක් ලෙස හඳුනා ගෙන ඇත. මාලිංග හට පන්දුව යැවීමේ ඇති සුවිශේෂීත්වය වාසි සහගත බවක් ඔහුට ලබා දී ඇත.

ඉන්දීය වෙබ් අඩවියක් මගින් සිදු කර වර්ගීකරණයේ මාලිංගට හිමිවූ සුපිරි ස්ථානය පහත විඩියෝවෙන් නරඹන්න.